බොලිවුඞ් රිදී තිරයේ
කැපී පෙනුන පේ‍්‍රක්ෂක සිත් අමානන්දනයට පත් කළ සිනමා කෘතියක් වන Sanam Teri Kasam යුගයේ පහළ වු අද්විතීය පේ‍්‍රමාන්විත සිනමා කෘතියක් යැයි හැදින්වීම නිවැරදිය. Deepak Mukut ගේ
සාර්ථක අධ්‍යක්ෂණයෙන් යුතු මෙය ඔහුගේ සහජ කුසලතා එලිදැක්වෙන යථාර්තමයරූපී භාවාත්මක
නිරූපණයකින් කැටි වුවකි.
කතාන්දරයට ප‍්‍රවිශ්ට
වීමේදි නිර්මාණකරුවා යොදා ගනු ලබන දර්ශනයන් මෙහිදි කුතුහලයෙන් යුතුව දෘශ්‍ය කරනු
ඇත. කැමරා නෙත
යොමු වන්නේ ඉහළ උසාවියේ දර්ශනයකටය. පේ‍්‍රක්ෂකයා විමතියට පත් වෙයි. උසාවියේ සෙනග අතුරින් මතු වී තරප්පු පෙළ බැස
එන පුරුෂයාට නෙත යොමු ව්ම විශේෂත්වයයි. මහත්මයෙකු සේ හැද පැළද සිටින ඔහු හැඩි දැඩි කඩවසම්
එකෙකැයි සිතේ. පේ‍්‍රක්ෂකයාට
මේ සිටින්නේ ප‍්‍රධාන නළුවාගේ භූමිකාව යැයි දැනෙන්නට සලස්වයි. ඔහු නඩුවකින් දිනු
බවත් ඔහුට පොලිස් සැරයන් කෙනෙකු සුබ පැතූ බවත් කුතුහලය දනවයි. ඔහු මෝටර් රථයට නැග
යාමට මත්තෙන් මාධ්‍යවේදින් ඔහු වට කර ගන්නා ලීලාවෙන් ඔහු ඉතා වැදගත් සමාජ පන්තියක්
නිරූපණය කරන්නෙකු බවත් ඔහුගේ යාන වාහන, ඇදුම් දුටු විගස පේ‍්‍රක්ෂකයාට සිතේ.
වියලි ගිය රූක්ෂ ගස්
දෙපස මතින් විහිදුන මාවතකට පිවිසෙන ඔහුගේ කාරය මාලිගාවක් වැනි ස්ථානයකට පැමිණේ. ඔහු ඉහළ පැලැන්තියේ කි‍්‍රස්තියානි
ආගමේ බවත් වයින් වීදුරුවක් හා වයින් බෝතලයක් ද ගෙන කොරිඩෝව දිගේ විත් විශාල මලින්
සැරසුනු ගසක් යටට පැමිණීම පේ‍්‍රක්ෂකයාගේ කුතුහලය තව තවත් වැඩි කරනු ඇත. එහි වර්ණ භාවිතය අගනේය. නෙත පිනා යනු ඇත. ගස මලින් පිරී ඇත. ඔහු එම ගසේ කොටා ඇති
නමක් ස්පර්ශය කරනු ලබයි. එවිට ගසින්
වැටෙන්නා වු මල් ඔහුව වැළද ගන්නාක් මෙන් ඒ පහස ඔවුන්ට දැනේ. ඔහු එය වින්දනය කරයි. හිතේ ඔහුගේ විශාල
නොකියු කතන්දරයක් ඇති බව පෙනෙයි. ඔහු කෙමෙන් අතීතාවර්ජනයට
පිවිසෙයි.
ගස බදෙහි කොටා ඇත්තේ
සරස්වතී යන නමයි. මලින් සැරසුන
ගසද එදින සරස්වතියක් බදුය. දර්ශනය
සූක්ෂමව ගෙනහැර පායි. මල ඉතා
සුසිනිදු වුවකි. මෙහිදි මොහු
කීමට සැරසෙන්නේද මලක් වැනි සොදුරු යුවතියකගේ කතාව විය හැකියි.
දර්ශනය එකවරම නිවාස
සංකීර්ණයක් වෙතට යොමු කරනු ලබයි. එහි කුඩා
කාමරයකින් එලියට එන උඩුකය නිරුවත් තරුණයා දුටු වහාම පේ‍්‍රක්ෂකයාගේ සිත රාගික
හැගීමෙන් දැවී යනු ඇත. වම් ඇලයේ උරයේ
දිට ඇගිලි දක්වා පච්ච කොටා සිතුවම් කර ඇත. කරාබු දමා ඇත. කඩවසම් වුවද ඔහු දුටු විගස මැවෙනුයේ
සල්ලාලයෙකුගේ චිත්රණයකි. නමුත් ඔහු එතැන
සිටින පූසාට ඔහු පානය කරමින් සිටි කිරි පොවනු ලබයි. ඉන් හැගෙන්නේ ඔහු පිටතින් හැඩි දැඩි වුවත්
ඇතුළතින් ළාමක හැගීම් ඇති අනුන් පිළිබද සංවේදී හිත හොද පුද්ගපයෙකු ලෙසටය. නිර්මාණකරුවා ඊලග
දර්ශනය රැගෙන යනු ලබන්නේ පසුබිම් සංගීතය සීනුහඩ නංවන දෙවියන් අදහනු ලබන ප‍්‍රතිපත්තිගරුක
නිවසක් වෙතටය. එහි පියා
ජයරාම්ය. ඔහු කෙලින්
පුද්ගලයෙකු බව බැලූ බැල්මට පෙනෙයි. දුවරු දෙදෙනෙකු සිටින යෝධයෙකුය.
දර්ශනය ගැහැණු ළමයා දෙසට යොමු වේ. මැය ප‍්‍රධාන නිළිය
විය හැකිය. මැය මුහුණට
විශාල නොගැලපෙන කණ්නාඩියක් පැළද පැලද සිටී. නළලේ ප‍්‍රසාද ගල්වා කොණ්ඩය ගොතා සාම්ප‍්‍රදායානුකූලව
සැරසී ඇත. පියා සමග
රැකියාවට යන දර්ශනයේදි ඉන්දර් මුණ ගැසෙන්නේ අශෝභන අයුරින් හැසිරෙමින් සිටියදිය. ඇයගේ පියාට මේවා වහ
කදුරු වූ නිසා ඉන් නිර්මාණකරුවා වෙනත් දර්ශනයකට යොමු වන්නේ ඔවුන් මාර්ගයට අවතීර්ණ
විමත් සමගය.
පළමු දැකීමෙන්ම
ඉන්දර්ට සරස්වති කෙරේ සිතක් පහළ වන ආකාරය නිර්මාණකරුවා සියුම්ව දක්වයි. එම දර්ශනය සෙමෙන්
දර්ශන ඵතයට හසු කරයි. ඇයගේ චරිතය
තුළ ඇය යනු පෙනුමට වඩා වයස පෙනෙනවා යැයි සමාජ ගැරහුම් හමුවේ මානසිකව පීඩා විදින
තරුණියකි. ඇයට කිසිදු
විවාහයක් සාර්ථක නොවේ. ඇය ලක් වි
සිටින මානසික ආරවුල මෙහිදි සංවේදිව මවයි. නිර්මාණකරුවා පේ‍්‍රක්ෂකයාගේ පවතින
සංවේදිභාවය ඉලක්ක කර ගනිමින් දර්ශන භාවිත කරයි.
මැයද සාමාන්‍ය පවුලක
ගැහැණු දරුවෙකි. මැයට ද හැගීම්
ආශාවන් ඇත. මැය තමා සේවය
කරන ස්ථානයේ කඩවසම් තරුණයෙකුට ඒකපාර්ශවිකව ආදරය කරන නමුත් ඔහු එසේ නොවන්නේ ඇය
එතරම් හැඩකාර නොවන නිසා යැයි බාහිරින් සලකාය. ඉන්දර් එසේ නොවේ. ඔහුගේ සල්ලාලකම හැරුණු කොට විශේෂිත වු
මානුෂීය ගුණ පවතී. ඇයව තමාගේ
හොදම තේරීම බව මුල්ම දර්ශනයේදි සිතනු ලබයි. ඇයගේ රූපයට නොව ඔහු ඇයගේ නොපෙනෙන හදවතේ
රූපයට ආදරය කරයි. ඔහුට ඇය ඔහුගේ
ලෝකය වි හමාරය. විදුලි
සෝපානයේ හිර වු මොහොතේදි ඔහු දහදිය නිසා නිරුවත් වෙද්දි ඇය ඒවා මධ්‍යමව ඉවසා
සිටින්නේ ඇයිදැයි සිතෙන මොහොතක ඔහු තුළ ස්ත‍්‍රිය කෙරේ ඇති ස්ථානය දක්වාලයි.
ඇයට සියලුදෙනා සමච්චල්
කරනු ලබයි. නමුත් ඔහු
ඇයගේ නොදැනුවත්වම ආරක්ෂකයා වී හමාරය. ඇයව ප‍්‍රතික්ෂේප වන සෑම අවස්ථාවකදිම ඇය කදුලින් එය පිට
කර දැමුවාය. සෑම තරුණියකගේ
ආශාව රූමත්ව සිටීමටය. ඇයට මෙම
නින්දා වලින් බේරීමෙි මග වුයේ රූමත් වීමයි. ඉන්දර් සොයා එන ඇයට උරුම වන්නේ ඛේදයකි. ඇසිපිල්ලම් ගසන සැනින්
එය සිදු වී හමාරය. ඉන්දර්ගේ
අනියම් සබදතාව ඔවුන්ව වැරදි ලෙස අරුත් ගන්වාගෙන විශාල කලබගෑනියක් කර ගියද ඉන් ප‍්‍රථිපලය
සරස්වතීට අත්වුයේ ඇය ජීවත්ව සිටියදීම නිවසේ උදවිය ඇයට අවසන් කටයුතු කිරීමෙන්ය. ඔහුගේ පිටෙි තුවාලයෙන්
ඇදෙහි සුදු රෙද්දෙහි ගෑවෙන රුධිරය ව්‍යංගාර්ථවත්ව යමක් කියා පායි. වයින් බෝතලය බිත්තියේ
වැදී කුඩු වීම තවත් සංකේතයකි. ඉන් ඇනෙන
වීදුරු කටු දරා සිටින ඔහු සියලු ප‍්‍රශ්න හමුවෙි නොසැලී සිටින බව පසක් කරයි. දෙවැනි අවස්ථාවක්
දෙන්න සොරි හා ආදරෙයි යන්න පැවසීමට යන යෙදුම මෙහි විශේෂ වන්නේ කතාවෙි අඛණ්ඩතාවය
රැුගෙන යාම සදහාය. ඇය ඔහු හා
සිටින පියාගේ ප‍්‍රතිපත්තිගරුක පියාගේ නම්බුව සියල්ලන් ඉදිරියේ බොද වී යයි. ඒ සියල්ල ඇය වෙත එල්ල
කරන කම්මුල්පහරින් දැනෙනු ඇත. ඉන්දර් මවගේ
හා පියාගේ ආදරය, රැකවරණය
නොමැතිව පවුලෙන් පරිභාහිරව හැදුන වැඩුණකි. එහිදි ඔහු වෙනත් ස්ත‍්‍රීන්ගෙන් සල්ලාල ආදරය
සෙවුවද සරස්වතීට අහිමි වී යන ආදරය වෙනුවෙන් ඉදිරිපත් වීම තුළින් පිරිමියා තූළ ස්ත‍්‍රිය
කෙරෙහි ඇති විය යුතු ආකල්පමය වෙනස දක්වයි.
සියුම් ගීතයකින්
දෙසවන් පිනා යන නැටුම් ගැයුම් මෙහිදි දර්ශන ඵතයට හසුවන්නේ සෙනග ගැවසෙන පොළක්
පසුබිම් කරගෙනය. ආලෝකය,
වර්ණ, පසුතල දර්ශන ආදිය ඊටම
අනුරූපීය. ඔවුන්
දෙදෙනාගේ කම්මැලි ජීවිතය මොහොතකට වෙනස් කර මනෝ ලෝකයක් කරා රැගෙන යනු ලබයි. විචිත්රවත්ය. ගී තනු අලංකාරය. ඇය කුඩා දරුවෙකු සේ
හැසිරීම ඔහුගේ සිත තව තවත් ඇලෙන්නට හේතු වෙයි. ඔහු තම දරුවෙකුට මෙන් සෙනෙහස දක්වයි. සුළග යොදා ගනිමින්
බඹර කැරකීම, මාළු වෙළෙන්දා
කපන්නට යන මාළුවා රැගෙන ජල බදුනකට දැමීම තමන් අපේක්ෂා කළ නිදහසයි. ඔවුන් කෙසෙල් පත‍්‍රවල
ආහාර ගනී. ඇයට ඒවා දුටු
විගස නිවැසියන් සිහි ගැන්වේ. ඉන්දර් හට
ඇයගේ දුක දැනෙයි.
අවලස්සන යැයි ඇය සිතා
සිටින ඇයගේ මුහුණට කොල්ලන් අකමැති බව පවසන ඇයව ඉන්දර් විසින් වෙනස්ම ස්ථානයක් කරා
රැගෙන යයි. එහි දෘශ්‍ය
වන්නේ විවිධ ස්වරූපයන්ගෙන් ලාලිත්‍යවත් වු ස්ත්රීන්ය. ගණිකා නිවාසයක් දැයි විටෙක සිතේ. නමුත් එය රූපලාවන්‍යයෙන්
ආඪ්‍ය වු ස්ථානයකි. විශාල
සිදුවීමක් ගීතයක ආධාරයෙන් රසවත්ව මෙහිදි පේ‍්‍රක්ෂකයාට දනවන්නට නිර්මාණකරුවා සමත්
වෙයි. ඇයගේ පෙනුම
සර්ව සම්පුර්ණ ලෙස වෙනස් වේ. යොදා ගත් වර්ණ,
ආයිත්තම් ඊටම අනුකූලය. පිරිමි සිත ඉබේ ඒවාට
නැමෙන අයුරු විසිතුරු දෙයට හිත ඇදෙන අයුරු පෙන්වා දෙයි. ඇයගේ වෙනස් වීම ලෝකයා හමුවේ ඇය විවර කරන්නට
සිත් දෙන්නේ නිවැසියන් ඉදිරියේය. ඇයගේ සිතුම්
පැතුම් ඉටු කර දෙන ඉන්දර් ඇයට අත්විදින්නට වන දුක්ඛ සමුදාය අත්විදිින්නට වන දුක්ඛ
සමුදායාත්මක සිදු වීම මෙහිදි ඉතා සියුමැලි ලෙස කදුලක් නංවමින් ඉදිරිපත් කරයි. ඇයගේ අවසන් කටයුතු ඇය
ජීවත්ව සිටියදීම සිදු කරනු ඇත. ඇය වැටෙන
වැටෙන හැමතැනකදීම ඔහු ඇය හා ශක්තිමත් පවුරක් විය.
ඇයව ප‍්‍රතික්ෂේප කළ
සියලූදෙනාම ඇයගේ වෙනස ඉහළින් පිළිගන්නට විය. සරස්වතී කේන්ද්‍ර කර ගනිමින් ඒකපාර්ශවික
ආදරයක් පුස්තකාලය පදනම් කරගෙන දළුලන්නට වීම දැක්විය හැක. ඉන්දර් ඇයට කැමතිය. නමුත් ඇය වෙනකෙකුට හිමිය. ඔහුගේ හිතේ ඇති
ආන්දෝලාත්මක බව කාට කවුරුන් හිමිවේදැයි යන කුතුහලය අවසානයේදි කවරක් සිදු වේද යන්න
අතර දෝලනය කර තැබීමට අඛණ්ඩව නිර්මාණකරුවා සමත් වෙයි. සමාජයේ ඇදුමට, පැළදුමට,රූමත්කමට ඇති පිළිිගැනීම මෙහිදි ඉස්මතු
කරනුයේ සරස්වතීට පෙර නොතිබූ ලැදියාව ක්ෂණිකව වර්ධනය වු බව දක්වමින්ය. ඉන්දර් එසේ නොවේ. තමන් ආදරය කරන ස්ත‍්‍රිය
කුමන මට්ටමේ කුමන ආකාරයෙන් සිටියද ඔහුට ගැටලූවක් නොවේ. ඔහු ඇයගේ සතුටට ඉඩ ලබා දෙයි. ඇයගේ සතුට වෙනුවෙන්
කැප වෙයි. ඇය විවාහය
වෙනුවෙන් සිහින මවයි. ඒ සිහිනයට
ඉන්දර් හිත දැඩි කර ගනිමින් උදව් කරනු ඇත. කුතුහලය දනවමින් ඇයගේ මනමාලයා ඇයව ප‍්‍රතික්ෂේප
කරනු ඇත. සියල්ලකින්ම
කඩා වැටෙන ඇය ඉන්දර් හා තනි වෙයි. ඇයට අහිමිව ගිය සෙනෙහස ඇය ගත කිරීමට සිටි මංගල රාත‍්‍රිය
සුදානම් වු යහනේම ඇය ගත කරනු ලබන්නේ ක්ෂණික සිදුවීමක් රාගිකව දර්ශනයට යොමු කරමින්ය. රෝස පෙති මුහුණට
වැදිමෙන් ඉන්දර්ගේ සිත සසල වෙයි. ඔහු හැගීම්
පාලනය කරගෙන සිටියද ඔහුගේ බන්ධනයන් ඇයගේ ආයාචනාත්මක බව ඉදිරියේ නිරුත්තර වෙයි. වේලාව ගෙවී යයි. යමක් සිදු වු බව පේ‍්‍රක්ෂකයාට
හැගී යයි. යම් පමණක
සතුටක්ද දුකක්ද කුතුහලයක්ද පවතී. ඇය යහනේ නොමැත. ස්තූතියි කියා
පණිවුඩයක් තබා මොහු තනි කර දමා ඇය ගොසින්ය. සිදු වුයේ කුමක්ද?සියල්ල හුස්ම හිර වුවක් මෙන්ය. විවාහය අවිනිශ්චිත වු
මොහොතක නිර්මාණකරුවා මේ මවන්නේ කුමක්ද?පසුතලය තුළින් සරස්වති හා ඇයගේ මනමාලයා දුටු ඔහු මහත්මා
ලිලාවෙන් නිශ්ශබදව පිටව යන්නේ දුක උරුම වු දෙනෙතින්ය.
මීලග සිදුවිමේදි සියලූ
බාධක ජයගෙන ඇයව සොයා ගැනීමට වඩ වඩාත් වෙහෙස වෙයි. දුවිලි ඇග ගැටීම සියුම්ව පෙන්වයි. සමාජයේ සිදු වන විවිධ
සිදුවීම් මනාව චිත‍්‍රණය කිරිමට මොහු දස්කම් දක්වා ඇත. ඇය ප‍්‍රශ්න වලින් පැන ගොසිනි. නමුත් ඉන්දර් එසේ නොවේ. ඔහුට විසදුම් අවශ්‍ය
වෙයි. ඔවුන් සිතූ
පරිදි වාද විවාදයෙන් කතාව ගලායන අතර ඔහුගේ උරහිස මත ඇය සිහිසුන් වන මොහොත අප හදවතද
සිහිසුන් කර යම් මොහොතකට නවතා දමයි. ඇයට කල්තියා රෝගයක් වැළදි ඇති බව දැන ගත් මොහොත කෙසේ
විස්තර කරන්නේද?රස්තියාදු
පෙනුම හා ටයිකෝට් අතර ඇති හෘදයාංගම ලැදියාව අපුරුවට දක්වයි. විවාහය ප‍්‍රතික්ෂේප
කරනුයේ ඇයගේ රෝගය දැන ගැනීමෙන් පසුවය. නමුත් ඉන්දර් ඇදහිය යුතු පූර්වාදර්ශයකි.
මල්වැල් එල්ලන
දර්ශනයක් සමීප වෙයි. කැමරාව ඒ ඒ අත
විචිත‍්‍රවත් වේ. වර්ණ භාවිතය
විවාහයක අසිරිය ගෙන එයි. රෝහලෙන් අවසර
ගෙන රැගෙන එන ඇයට තම සහෝදරියගේ විවාහය දෘශ්‍ය කරන්නට ගන්නා උත්සාහය නිර්මාණකරුවා
ගීතමය ස්වරූපයෙන් පේ‍්‍රක්ෂකයා හට සමීප කරනු ලබයි. එහි පසුබිම තාත්විකය. එහි විවාහයක පවතින අංග
සමහරක් දැක්ය නොහැකි වුවත් ඒ අසිරිය ගනී. විදුලි බල්බ නිවි නිවි දැල්වෙයි. බෙරකරුවන් හා නලාකරුවන්
චලනය වන රූපය. ඇයට එසේ කැප
කිරීම් කරනුයේ ඇයගේ සතුට වෙනුවෙනි.
සරස්වතීගේ
ජායාරූපයට දමා ඇති මල්මාල ගලවන අවස්ථාව ඔහු මත්පැන් පානය කරවිත් නිවාසේ සම්ප‍්‍රදාය
අපවිත‍්‍ර කරන බවත් දක්වන්නේ අභියෝගාත්මක ලීලාවෙනි. පියාගේ කම්මුල් පහරට හසු වන ඔහු ඉවසා දරා
නික්ම යන්නේ කැඞී ඇති සිත තවත් ශක්තිමත් කර ගන්නට වෑයම් කරමින්ය.
සරස්වතී
සියල්ල දැන ගනී. ඉන්දර්ගේ ආදරය
මැද ඇය නිරුත්තර වෙයි. ඔහු පොලිසිය
භාරයේය. ඇය පුස්තකාලය
තුළ පැරණි මතකයන් ආවර්ජනය කරමින් සුසුම් හෙළනු ඇත. දෙදෙනා දෙලොවක අතරමං වීය. පේ‍්‍රක්ෂකයාට ඉතා
සමීප සියුම් හැගිම් නිර්මාණකරු මෙහිදි ආමන්ත‍්‍රණය කරන්නට සමත් වි ඇත. පොලිසිය හා දබර කර
මහත් පරිශ‍්‍රමයකින් අනතුරුව ඔවුන් දෙදෙනා එක් වීම කසිවෙකු නොමැති ඔවුන් දෙදෙනා
පමණක් සිටිතියි හැගෙන මනෝලෝකික හැගීමකින් පේ‍්‍රමාන්විතව සමරනු ලබයි. මාංචු වලින් සැරසුන
ඔහුගේ දෑත් පේ‍්‍රමය හමුවේ පරාජය වන බව දක්වයි. පේ‍්‍රමය සිර කර තැබිය නොහැකි උත්තුංග දෙයකි. අප සියල්ලෝම පේ‍්‍රමයේ
කොටස්කරුවෝ වෙති. ඔහු ඇයගෙන්
පිළිතුරක් ලබා ගැනීමට දින 27ක් බලා සිට ඇත. හදවතින් දිනයක් ගානේ
විදවන්නට ඇත. කැප කිරීම්
පරිත්‍යාග හමුවේ ඔහු ඇය වෙනුවෙන් මැරි මැරි ජීවත් වන්නට විය. අවසානයේදි පොලිස්කරුවාද
සංවේදි වන අයුරු දනවයි. ඔවුන්ගේ
නීතියද පේ‍්‍රමයේ යදමින් වලංගු ලාලිය නොහැකිය. ඇය වෙනුවෙන් පියාද මැරිය හැකි බවත් තමාද ඇය
වෙනුවෙන් මැරීමට සුදානම් බවත් ඔහු පවසයි. එය පියාගේ සම්ප‍්‍රදාය ගතානුගතික අදහස්
වෙනස් වීමට බලපෑම් කරනු ඇත. පියා පේ‍්‍රමය
පිළිබද පොතක් කියවමින් සිටි බව පසක සගවා ගත් පොත දර්ශනයට හසු කර නිර්මාණකරු
අලංකාරව පෙන්වනු ලබයි. පියාගේත්
මවගේත් පැමිණීම ඔහුගේ විවාහයට ආශිර්වාද වීමත් සතුටින් පිනා යාමත් සතුටු කදුළු වලට
උරදීමක් විය.
ඉන්දර් හෝ
පියාගෙන් එකෙකු තෝරා ගන්නට කියු විට සරූ තෝරා ගන්නේ තමන්ගේ පියාය. ඒ මොහොත ක්ෂණිකව ඉතා
පැහැදිලිව දර්ශනයට ගන්නා ලද්දේ ඇය තදින් අල්ලා සිටි ඉන්දර්ගේ අත අතහැර පියාට
තුරුල් වීම දක්වමින්ය. ඉන්දර්ගේ
වැටෙන කදුළු වලට සාධාරණයක් තවමත් නොමැත. ආදරය නිසා පිරිමියාගේ කදුලට ද ඉඩක් තිබිය යුතුය. අසම්මත යැයි බැහැර කළ
නොහැකිය. සියල්ල ඇස්
ඉදිරියේ කඩා වැටෙන්නට වුයේ සරූ විවාහයට අත්සන් කර විගසම ඇදගෙන වැටීමත් නිසාය. මරණය කාහටත් පොදුය. මෙහිදි පසුබිම් සංගීතය
මොහොතකට නවතියි. පවසන්නේ ඒ
මරණය බවද?කුතුහලයකි. පියා ජයමට සමරන්නට
සිටින විවාහයේ සිහිනය බොද වී යනු ඇත. ඇය වෛද්‍යවරයාගෙන් තව කොපමන වේලාවක් ජීවත් වීමට ඇත්දැයි
සිතුවිලි සිර කර ගනිමින් ප‍්‍රශ්නයට නගනු ලබයි. වෛද්‍යවරයාගේ සිතුවිලි කෙසේද? පේ‍්‍රක්ෂකයාගේ සියුම්
රිද්මය ක‍්‍රමයෙන් වැඩි වී එන්නා සේය. ඇයගේ අවසන් කැමැත්ත ඉටු කර දෙන ඔහු අවසන් හුස්ම පොද
යනතුරුම ඇයව තුරුලට ගෙන භාවාත්මක හැගීමි සංතර්පණයෙහිලා නිරත වන්නේ පේ‍්‍රක්ෂකයාටද
ඇසට කදුලක් මෙන්ම හදවතේ සියලූ ස්වරයක්ම රිදවමින්ය.
ඇයගේ අත්වල
ගල්වන ලද මෙහෙන්දි වියලී නොමැති බව ඇය ඉන්දර්ට පවසයි. විගස සම්බන්ධ කර තිබු මැෂින් අඩපණ වෙයි. දීර්ඝ නැවතුම් ශබ්දයක්
රෝහල පුරා පැතිර යයි. කළුවර වෙයි. ඔහු ඇයට පොරොන්දු වු
ලෙසම සර් යැයි ඇමතූ පුද්ගලයාට පියා යන්න අමතයි. අතීතාවර්ජනය අවසන් කොට නැවත වත්මන් සිදුවීම
වෙත ප‍්‍රවිශ්ට වන නිර්මාණකරුවා ඉදිරි ගමනේ සල්ලාල පුද්ගලා මහත්මයෙකු වී සිටින
අයුරු දර්ශනය වේ. ටයි කෝට් ඇද
සිටී. මුහුණේ ඉර්යව්
වෙනස්ය. ඔහු ඇය සමග
දොඩමළු වේ, මුලින් සදහන්
කළ පරිදි මල් ඔහුව ස්පර්ශ කර සුලග ඔහුව තුරුල් කර ගනී ඒ ඇයයි. ඔහුගේ තවමත් ජීවමාන ප්‍රේමයයි. පේ‍්‍රමය වූ කලී මිය
ගිය ද පවතී. එය සදාකාලික
පිවිතුරු හැගීමකි. සාම්ප්‍රදායික
පේ‍්‍රමාන්විත වලින් ඔබ්බට ගිය දර්ශනීය භාවාත්මක සිනමා කෘතියකි. ඔහුගේ හදවත තවමත් ඇයටම
ආදරය කරන බව ඔහු පොරොන්දු වෙයි ඇයගේ නමින්...
සොදුරිය මා ඔබේ නමින් දිවුරන්නමි...
Nice writing
ReplyDeleteNice one waraa😍😍
ReplyDelete