Monday, July 29, 2019

පුවත්පත් හා රූපවාහිනී වෙළද දැන්වීම්හි අන්තර්ගත විශ්ලේෂණය

වත්මන් ලෝකයේ ප‍්‍රබල අලෙවිකරණ උපක‍්‍රමයක් ලෙස වෙළද දැන්වීම් පෙන්වා දිය හැකිය. පරිභෝජනය කරනු ලබන සියල්ල සම්බන්ධයෙන් ම පාරිභෝගික මොළ ශෝධනය කරමින් වෙළද අරමුණු කෙසේ හෝ  මුදුන්පත් කර ගැනීම දැන්වීම්හි ඒකායන පරමාර්ථයයි. ප‍්‍රචාරණ උපක‍්‍රමයක් ලෙස මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මාධ්‍ය වෙළද දැන්වීම් ප‍්‍රචාරණයේ දී ප‍්‍රබල මාධ්‍යන් වන්නේ කෙසේද යන්නත් එහි භාවිත ප‍්‍රයෝග පිළිබදවත් මෙහිදී හදුනාගත හැකිය.

” වෙළද දැන්වීම් සර්වාත‍්‍රිකය. එය සුළග මෙන් අපගේ දෛනික ජීවිතය වටා හමා යයි.”
                                                                Thally, 1995

වෙළද දැන්වීමක මූලික අරමුණ පාරිභෝගිකයා පොළඹවා ගැනීමයි. වර්තමාන පාරිභෝගික සමාජය තුළ වෙළද දැන්වීම් දැඩි තරගකාරී බවකින් කි‍්‍රයාත්මක වීම දැකගත හැකිය. පාරිභෝගිකයාගේ සියලූ අපේක්ෂාවන් අභිමත ඉලක්කයන් සිය අණසකට ගෙන ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වටා ගමන් කරමින් දැන්වීම් ක‍්‍රියා කරන්නේ ඉතාමත් හුරුපුරුදු සමීපතම මිතුරෙකුගේ භූමිකාවක් නිරූපණය කරමින්ය.

පාරිභෝගික වෙළද දැන්වීම් නිර්මාණය කිරීමේ දී භාව විෂයීක පෙළඹවීම් මුල් තැනක් ගනු ලබයි. ජන විඥාණයේ රැදී පවතින නැතිනම් යටි සිතේ තැන්පත්ව ඇති විවිධ හැගීම් ඉලක්ක කර ගැනීම සිදු වේ. එහිදී      

  • සෞන්දර්ය ගුණය 
  • මානව හැගීම්
  • බුද්ධිමය ශක්තිය
  • ගති ස්වභාවයන්
  • ගෞරවනීයත්වය යන්න හදුනාගත හැකිය.



පුවත්පත් වෙළද දැන්වීම්වල දැකිය හැකි පොදු කාරණා
           
  • වෙළද දැන්වීමක මූලික අංග තුන වන සන්නාමය, දෘශ්‍ය රූප හා පෙළ තුළ එකිනෙකට නොදෙවෙනි ලෙස බලපෑම් කිරීමේ හැකියාවක් පුවත්පත් වෙළද දැන්වීම් තුළ තිබීම.
  • පාඨකයාට වෙළද සංදේශය වඩාත් බලපෑම් සහගත ලෙස අවධාරණය කිරීම සදහා වෙළද ප‍්‍රචාරණ ජායාරූප මගින් ඔසවා තැබීම.
  • විවිධ සමාජ ප‍්‍රතිරූප යොදා ගනිමින් වෙළද සංදේශය පාරිභෝගික විඥාණයට සන්නිවේදනය කිරීම.

පුවත්පත් වෙළද දැන්වීම් නිර්මාණයේ දී

මෙහිදී පුවත්පත් මාධ්‍යයන්ගේ දැන්වීම් පළ කිරීමේ දී යොදා ගන්නා නිර්ණායකයන්ට අදාලව මා විසින් තෝරා ගන්නා ලද පුවත්පත් දැන්වීම් වන්නේ,
  1. ලංකා බැංකුවෙහි පුවත්පත් දැන්වීම : 2018 ඔක්තෝබර් මස 31 වැනි බදාදා දිවයින පුවත්පත දැන්වීම් අතිරේකය
  2. සම්පත් බැංකුවෙහි පුවත්පත් දැන්වීම : 2018 ඔක්තෝබර් මස 31 වැනි බදාදා ලංකාදීප පුවත්පත පිටු අංක 07

එහි පිටපත තුළ,

  • මුඛ්‍ය පාඨය

දැන්වීමක මුඛ්‍ය පාඨය සදහා ප‍්‍රමුඛත්වය හිමි වේ. එහිදී දැන්වීම දුටු සැනින් පාරිභෝගිකයාව ආකර්ෂණය කළ හැකි මුඛ්‍ය පාඨයන් අලෙවිකරණයේ දී විශාල බලපෑමක් සිදු කරයි. ලංකා බැංකුව විසින් පළ කරන ලද දැන්වීමෙහි කළු අකුරින් සදහන් වන්නේ, උවමනා දේ උවමනා තරමට යන්නයි.

මෙහිදී මුඛ්‍ය පාඨය සාමාන්‍යයෙන් දැන්වීමක දැන්වීමක ඉහළ කොටසේ සදහන් කරයි. එකළ එය තරමක් දිගු විය. නමුත් වර්තමානයේ පරිගණක ආශ‍්‍රයෙන් ඉදිරිපත් කිරීමත් සමග මුඛ්‍ය පාඨයන් ආකර්ෂණීය හා සංක්‍ෂිප්ත වී තිබේ. මෙහි උවමනාව යන යෙදුම අවධාරණය කර තිබේ. සම්පත් බැංකුව පළ කරන ලද දැන්වීම තුළ කළු අකුරින් සදහන් වන්නේ, පුංචි කූඹියෙක්ගෙන් ලොකු පාඩමක් යන්නයි.

ලෝක සකසුරුවම් දිනය නිමිත්තෙන් පළ කර ඇති මෙම දැන්වීම් තුළ ඔවුන් ඉතිරි කිරීමේ අගය ප‍්‍රවර්ධනය කිරීමට මෙන්ම මහජනතාව අතර ඉතිරි කිරීමේ ගුණාංගය ප‍්‍රචලිත කිරීම සිදු කර ඇත. තවද ඔවුන්ගේ අරමුණ වන්නේ ජීවන තත්ත්වය වඩා යහපත් බවට ප‍්‍රවර්ධනය කිරීම හා දුලබ ස්වභාවික සම්පත් ඇතුළු සියලූ දෑ පිළිබදව සකසුරුවම් බව පිළිබදව හැගීමක් ගොඩ නැගීමයි.
  • පෙළ

දැන්වීමක තොරතුරු ඇතුළත් වන්නේ පෙළ නැතිනම් අන්තර්ගතයේය. මුඛ්‍ය පාඨය කියවීමෙන් පසු පාඨකයා යොමු වන්නේ එහි පෙළ වෙතටයි. යම් ව්‍යපාරික ආයතනයකට තම නිෂ්පාදිතය පිළිබදව පාරිභෝගිකයාට ලබා දිය යුතු සියලූ තොරතුරු මෙහිදී සංක්‍ෂිප්තව, නිර්මාණශීලීව හා සරලව ඉදිරිපත් කරයි. ලංකා බැංකුව මගින් පළ කරන ලද දැන්වීමෙහි පෙළ වන්නේ,

"උවමනා දේට උවමනා තරමට වඩා වැය කිරීම නාස්තියක්,
උවමනා දේට උවමනා තරම දැනගෙන වැය කිරීම තමයි සකසුරුවම,
උවමනා දේ උවමනා තරමට කර ගන්නා සුදුසුම මෙවලම පාවිච්චි කිරීමෙන් තමයි සකසුරුවමට හුරුවෙන්නෙ,
සකසුරුවමට හුරුවෙන්නෙ උවමනා දේට උවමනා තරමට පමණක් වැය කරන්න."

සම්පත් බැංකුව විසින් පළ කරන ලද දැන්වීමෙහි කළු වර්ණය හා තැඹිලි වර්ණය භාවිත කරමින් එහි පෙළ දක්වා ඇත. තැඹිලි වර්ණයෙන්,

”කූඹියා අද ගැන විතරක් හිතන්නෙ නෑ. හෙට ගැනත් හිතලයි වැඩ කරන්නේ. සමගියෙන් එකතුවෙලා කඩිසරෙන් කෑම හොයනවා. හැබැයි වැඩිපුර ලැබෙන කෑම රැස් කරනවා. පරිස්සමට ගබඩා කරනවා. මොකද කෑම ඇති කාලයක් වගේම නැති නැති කාලයක් එන්න පුළුවන් බව කූඹියා හොදට දන්නවා. මේ සකසුරුවම් දිනයේදී ඔබත් කූඹියෙක් වගේ හිතන්න”  

මුල් කාලයේ දී පෙළ ඉතා දීර්ඝව ඉදිරිපත් වී ඇති අතර වර්තමානයේ පාඨකයාට කියවීමට අපහසුවත්, කාලය නොමැති වීමත්, ක්ෂණිකව අවබෝධ කර ගැනීමට ඉඩ ඇති වීම නිසාත් සංක්‍ෂිප්ත වී ඇත. නමුත් ලංකා බැංකුව මගින් පළ කරන ලද දැන්වීමෙහි පෙළ දීර්ඝය. එකම යෙදුම නැවත නැවත යොදා ඇත. එය පුනරාවර්ථන දෝෂයකි. මෙය සුදු පැහැති පසුබිම තුළ කළු වර්ණයෙන් දක්වා තිබේ. සම්පත් බැංකුව විසින් පළ කරන ලද දැන්වීම තුළින් කූඹියෙක් මෙන් සිතීමට සලස්වයි.

ඩිජිටල් යුගයේ දී ජනතාව වඩාත් සම්බන්ධ වී සිටින්නේ කාලය හා පරිසරය රැුක ගැනීම පිළිබදව හැගීමක් සමගින් මුදල් ඉතිරි කිරීම ඩිජිටල් තාක්ෂණය හරහා සිදු කිරීමටයි. ගණුදෙනුකරුවන්ට අවශ්‍ය ආකාරයට ඉතිරි කිරීම හා ආයෝජනය කිරීමට අවශ්‍ය පහසුව, සුරක්ෂිත බව සහ කාර්යක්ෂම බවින් යුතුව උසස්ම ගණයේ ඉතුරුම් සදහා මෙම මූල්‍ය ආයතනයන් වෙත පිවිසෙන ලෙස ඔවුන් මෙහිදී වක‍්‍රව පවසයි.

  • පින්තූර

    වෙළද දැන්වීමක පින්තූර භාවිතයට ප‍්‍රමුඛස්ථානයක් හිමි වේ. මන්ද කියවීමට නොහැකි පුද්ගලයන්ට පවා රූපය මගින් යමක් පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි නිසාය. එහිදී සංජානනයේ වෙනස්කම් හා දෘශ්‍යමය ක‍්‍රියාවලියේ ප‍්‍රථිපල ඇති වේ. දෘශ්‍ය රූපයේ ප‍්‍රමාණය, ජායාරූප හා නිෂ්පාදනයේ හෝ සේවාවේ නිරූපණයන් භාවිත කර ඇති වාර ගණන රූපයේ ප‍්‍රමාණය ආදිය හදුනාගත හැකිය. චිත‍්‍ර භාවිතය හා ජායාරූප භාවිතය මෙහිදී පුවත්පතක දැන්වීම් පළ කිරීමේ දී යොදා ගනියි.

ලංකා බැංකුවේ දැන්වීම තුළ විවිධ ප‍්‍රමාණයේ හැදි ක‍්‍රමානුකූලව කිසියම් වක‍්‍රාකාර හැඩයකට තබා ඇත. එහිදී කුඩා ප‍්‍රමාණයේ හැන්දේ සිට විශාල ප‍්‍රමාණයේ හැන්ද දක්වා ඔවුන්ගේ බැංකුව තුළින් ගණුදෙනුකරුවන්ට අවශ්‍ය ආකාරයට ඉතිරි කිරීම හා ආයෝජනය කිරීමේ පහසුව, සුරක්ෂිත බව හා කාර්යක්ෂම බව දක්වයි.

සම්පත් බැංකුවේ දැන්වීම තුළ සුදු පැහැති පසුබිමෙහි කළු කූඹියෙක් කොළයක් මුවින් ගෙන සිටින රූපයකි. එහිදී එම කොළය මුදල් නෝට්ටුවක් බවට සමාන කළ හැකිය. මෙහිදී පාඨකයාට සිතන්නට සලස්වයි.
මෙම දැන්වීම් තුළින් ළමා ඉතිරි කිරීමේ ගිණුම්වලින් ආරම්භ කර යොවුන් ඉතිරි කිරීමේ ගිණුම්, විදේශ මුදල් ඉතුරුම් ගිණුම් හා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් දක්වා වූ වැඩිහිටියන් සදහා වූ ගිණුම් මගින් මුළු පවුලේම අවශ්‍යතා සපුරයි.

  • වර්ණ භාවිතය

වර්ණ මගින් මනෝ විද්‍යාත්මක පෙළඹවීමක් ඇති බව පර්යේෂණ මගින් හෙළි වී ඇත. එහිදී නිල්, රතු, කොළ, කහ වැනි වර්ණයන්ට ප‍්‍රමුඛතාවය හිමි වේ. ආයතනයේ ලාංජනය ඉදිරිපත් කිරීමේ දී ද ආකර්ෂණීය ලෙස වර්ණ යොදා ගන්නා ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ලංකා බැංකුවේ දැන්වීම තුළ කහ වර්ණයට ප‍්‍රමුඛත්වය හිමි වෙයි. මන්ද ඔවුන්ගේ ප‍්‍රමුඛ වර්ණය එයයි. ඒ බව ඔවුන්ගේ ලාංජනය තුළින් ද දැකිය හැකිය. එහි සිංහයෙක්ගේ රූපයකි. දැන්වීමේ රාමුව, විවිධ ප‍්‍රමාණයේ හැදි වර්ග ද කහ වර්ණ ගන්වා ඇත. තවද මුඛ්‍ය පාඨය හා පෙළ ඇතුළත් කර ඇත්තේ සුදු පැහැ දීසියක් තුළය. එය ආකර්ෂණීයව පාඨකයාට රැගෙන යාම සදහා එසේ භාවිත කර ඇත.

නමුත් ඇතුළත් කර ඇති පසුබිම් වර්ණය ගත්කල එය මෙම දැන්වීමෙහි නොගැළපීමක් හදුනාගත හැකිය. මන්ද එහි ලා කොළ පැහැ පසුබිමක් සහිත සුදු කොටු ඇතුළත් මේස රෙද්දකිි. එය ඒ සදහා යොදා ගත්තේ ඇයි ද යන්න ගැටලූවකි. සම්පත් බැංකුවේ දැන්වීම තුළ කූඹියා සුදු පැහැ පසුබිම තුළ ඇස ගැටෙයි. එය ආකර්ෂණීයව තේමා කරගෙන ඇත. ඔබත් කූඹියෙක් වගේ හිතන්න යන පෙළ මේ තුළ තැඹිලි වර්ණයෙන් ඉස්මතු කර පෙන්වා ඇත.

  • දැන්වීමේ ප‍්‍රමාණය

මුල් කාලයේ දී දැන්වීමක් තුළින් වැඩි තොරතුරු ප‍්‍රමාණයක් ලබා දී අදාල නිෂ්පාදනයේ හෝ සේවාවේ අලෙවිය ඉහළ නංවා ගැනීමයි. නමුත් අද වන විට රූප, ලාංජන, දර්ශන ආදිය භාවිත කරයි. දැන්වීමේ ප‍්‍රමාණය අනුව විශාලත්වය අනුව පාඨකයාගේ ඇස යොමු වීම අඩු වැඩි වීමක් සිදු වෙයි. මෙහිදී ලංකා බැංකුවේ දැන්වීම එම පිටුවම ගෙන ලිපියක් සමග දැන්වීම දකුණුපස පහළ කෙළවරෙහි විශාල ලෙස පළ කර තිබේ. සම්පත් බැංකුවේ දැන්වීම පිටුවේ භාගයක පළ කර තිබේ.

  • උද්යෝගී පාඨය

Slogan, Pay off යනුවෙන් දැන්වීම්කරණයේ දී මෙය හදුන්වයි. මේ තුළින් පාඨකයාට ක්ෂණික මතකයක් ලබා දෙයි. ඉතා සරලව හා සංක්ෂිප්තව දක්වන උද්යෝග පාඨ මතකයේ රැදෙනු ඇත. මෙහිදී තෝරා ගන්නා ලද දැන්වීම් තුළ ද එය දැකිය හැකිය. ජාතියේ මහා පහන් ටැබ ලංකා බැංකුව, හෙට දින එළිය කරයි සම්පත් බැංකුව ලෙසයි.

  • වෙළද ලකුණ

මේවා උද්යෝගී පාඨයට ඉහළින් යොදයි. සම්පත් බැංකුව යන පාඨය සමග තැඹිලි පැහැති කැටයක රූපයක් යොදා ඇත. ලංකා බැංකුවේ දැන්වීම තුළ කළු පසුබිමක BOC නමින් සිංහයෙක් සහිත ලකුණක් යොදා ඇත. මෙම වෙළද ලකුණු දුටු සැනින් වටහා ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. තවද ඔවුන්ගේ සේවාව ලබා ගැනීම සදහා ප‍්‍රධාන කාර්යාලයේ ලිපිනය හා සමාජාල මාධ්‍යයන්ගේ නිල ලාංජන ද කුඩාවට ප‍්‍රදර්ශනය කර තිබේ. තවද ලංකා බැංකුවේ වෙබ් ලිපිනය හා පාරිභෝගික සේවා අංකය ද දක්වා තිබෙනු දැකිය හැකිය. සමිපත් බැංකුවෙහි එසේ දක්වා නොමැත.

ඉහත මුද්‍රිත දැන්වීම් ලෙස මූල්‍ය ප‍්‍රචාරණය පිළිබදව දක්වා තිබුණි. තමා වෙත මුදල් තැන්පත් කරන මෙන් සහ තමන්ගේ මූල්‍ය පහසුකම් ලබා ගන්නා මෙන් මූල්‍ය ආයතන මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එහිදී, ආකර්ෂණීය පොළී ප‍්‍රතිශතය, සුරක්ෂිතතාව, අවධානම අඩු බව, අතිරේක ප‍්‍රතිලාභ ආදිය මතු කරයි.

රූපවාහිනී වෙළද දැන්වීම්වල දැකිය හැකි පොදු කාරණා

ලෝකය දිනෙන් දින වාණිජකරණයට නතු වෙයි. එය අතොරක් නැතිව සිදු වෙන්නා වූ ක‍්‍රියාවලියකි. මුද්‍රිත මාධ්‍ය මෙන්ම විද්‍යුත් මාධ්‍ය ක‍්‍රම ඔස්සේ ද මෙම දැන්වීම් ප‍්‍රචාරය වෙයි. එහිදී විද්‍යුත් මාධ්‍ය වෙළද දැන්වීම් රූපවාහිනිය හරහා ද සාර්ථකව ප‍්‍රචාරය වෙයි.

"කර්මාන්ත නියමයේ සංස්කෘතික හස්තය රූපවාහිනියයි” - ජෝර්ජ් ගබ්නර්

"12%ක් තනි තනිවත් 87%ක් සාමූහිකවත් රූපවාහිනිය නරඹන අතර ඒ මගින් මිනිසාගේ දෛනික ජීවිතයට වෙනසක් සිදු වී ඇත” - වී. විම්පගන් 1971

රූපවාහිනී වෙළද දැන්වීමක් පාරිභෝගිකයා කෙරෙහි ශ‍්‍රව්‍ය මෙන්ම දෘශ්‍යව පෙළඹවීම සිදු කරනු ලබන නිසා දැන්වීම් මගින් ප‍්‍රචාරණය කරනු ලබන සියල්ල යථාර්තය ලෙස නිරායාසයෙන්ම සිතන්නට පෙළඹෙයි. එය සංඥාමය ක‍්‍රියාවලියකි. තවද පුද්ගලයන්ගේ යටපත්ව තිබෙන අභිරුචීන්වලට ඇමතීම, ප‍්‍රියතාවයන් අවධි කිරීම, මිත‍්‍රත්වය ප‍්‍රතිනිර්මාණය, චින්තනය වෙනස් කිරීම, ලිංගිකත්වය අවධි කිරීම, සංස්කෘතික පරිවර්තනය ආදිය ද රූපවාහිනී වෙළද දැන්වීම් තුළින් සිදු වෙයි.

මෙම රූපවාහිනී දැන්වීම් විචිත‍්‍රවත් මෙන්ම සංකර විලාසිතාවක් බවට පත් වී තිබෙන බව Advertising theory and practice ග‍්‍රන්ථයේ දක්වා තිබේ.


රූපවාහිනී වෙළද දැන්වීම් නිර්මාණයේ දී,

මෙහිදී රූපවාහිනී මාධ්‍යයන්ගේ දැන්වීම් පළ කිරීමේ දී යොදා ගන්නා නිර්ණායකයන්ට අදාලව මා විසින් තෝරා ගන්නා ලද රූපවාහිනී දැන්වීම වන්නේ,
  • Teleseen fun track  රූපවාහිනී දැන්වීම

රූපවාහිනී මාධ්‍යයන්ගේ දැන්වීම් පළ කිරීමේ දී මූලික වශයෙන්ම ඉලක්කගත පාරිභෝගික කණ්ඩායම වෙත අවධානය යොමු කරයි. ඔවුන්ගේ ස්ත‍්‍රී පුරුෂ බව, චින්තනය, සංස්කෘතිය, අධ්‍යාපනය, සමාජ වටපිටාව ආදිය පිළිබදව දැනුවත් විය යුතුයි.

රූපවාහිනී වෙළද දැන්වීම් පිටපත් රචනයේ දී භාෂාව

මෙහිදී,
  • පිටපත 
  • සිරස්තල
  • ගීතාත්මක වැකිය (Jingles)

වෙළද දැන්වීමේ සමස්ත භාෂාවටම අයත් කොටසයි. එමගින් භාණ්ඩය හෝ සේවාව පිළිබදව භාෂාත්මක දැනුවත් වීමක් සිදු කෙරේ. මෙම දැන්වීම ද කතාවක් ලෙස ඉදිරිපත් වේ. මෙහිදී "පුංචි පුතාල දුලා ලේස්ති වෙන්න හොදට විනෝද වෙන්න”සේ පිටපත තුළින් ගෙන එන කතාව පේ‍්‍රක්ෂක මනසේ රැදවීම ආකර්ෂණීයව සිදු කරයි. එහිදී ළමුන් මෙන්ම වැඩිහිටියන් ද ඉන් ආකර්ෂණය වෙයි. මෙය සිංහල භාෂාවෙන් හඩකවා ඇති නමුත් මෙය ඇමරිකානු වෙළද දැන්වීම් සංස්කෘතියේ නියෝජනයකි. ගීතාත්මක වැකිය තුළ Fun tracks යන සන්නාමය නිතර භාවිත කිරීමත් එහි Fun යන යෙදුම ගීතය තුළ පුනරාවර්තනය කිරීමත් දැකිය හැකිය. Your smart choice ලෙස උද්යෝගී පාඨයයි. මෙහි බටහිර සංගීතය මුසුකර ගනිමින් පාරිභෝගිකයාගේ අවධානය නිරායාසයෙන්ම යොමු කර ගනී. ඒ නිසා ඔවුන්ගේ වෙළද නාමය ප‍්‍රතිරූපය මනසේ රැදෙන ආකාරයේ සංඥාර්ථ ජනනයක් ලබා දෙයි.

රූපවාහිනී වෙළද දැන්වීමක් නිර්මාණය කිරීමේ දී භාවිත කරනු ලබන නිර්මාණාත්මක ප‍්‍රයෝග
  • තාක්ෂණික ප‍්‍රයෝග
  • ආලෝකකරණය
  • කැමරාකරණය
  • වර්ණ භාවිතය
  • පසුතල
  • සංස්කරණය
  • සජීීවිකරණය
  • සංගීතය


වෙනත් ප‍්‍රයෝග

  • භාෂාව
  • හඩ
  • නළු නිළියන්

මෙහිදී විනාඩි 2ක ධාවන කාලයක් සහිත මෙම වෙළද දැන්වීම විචිත‍්‍ර වර්ණ ආලෝක රටා භාවිත කරමින් දරුවන්ගේ සිත් ඇද ගන්නට උත්සාහ කර ඇති ආකාරය සමස්ත දැන්වීම තුළ දැකිය හැකිය. නිල්, කොළ, කහ, රතු යන වර්ණ මෙහි යොදා ගනිමින් තද වර්ණ උපක‍්‍රමිකව යොදමින් ධාවන පථය සකසා ඊට අදාලම වර්ණයන්ගෙන් කුඩා මෝටර් රථ වේගයෙන් ධාවනය වන ආකාරය රේස් පිටියක අසිරිය කැන්දයි. එහි ආලෝකය අඩු වැඩි වීම්, සංගීතයේ උස් පහත් වීම්, ධාවන පථයේ මෝටර් රථ පැදවීමේ දී ඇසෙන ශබ්ද ආදිය ආකර්ෂණීයව යොදා ඇත. තවද රේස් පිටියේ දක්නට ලැබෙන විධානය ලබා දෙන කොඩිය ඔවුන්ගේ උද්යෝගී පාඨය ගීතවත් වෙන අවස්ථාවේ දී නිරූපණය කරයි.

නිවස අභ්‍යන්තරයේ සිටම දරුවන් මෙන්ම දෙමාපියන්ගේ සහභාගීත්වය ද එකට ලබමින් පවුලේ සංහිදියාව වර්ධනය වෙයි. තරගකාරී සමාජයක මෙවන් මෙවලම් භාවිතයෙන් විනෝද වීමට දරුවන් හුරු කිරීම මෙහිදී සිදු වෙයි. එහිදී මෙම භාණ්ඩය පිළිබද දෙමාපියන්ගේ අදහස් හා මත දැක්වීම දැන්වීම තුළ යොදා ඇති නිසා ඒ තුළින් පාරිභෝගිකයන්ගේ විශ්වාසය ජනිත වෙයි. මෙහිදී වත්මන් ගෘහනියගේ කාර්යබහුලත්වයට හා නිවසේ පිළිවෙල තබා ගැනීමට හානියක් නොවෙමින් එය මනාව ඇකිලීමට හා ගබඩා කිරීමට පහසු ලෙස සකසා ඇත. වැඩි වශයෙන්ම කැමරාව වෙළද භාණ්ඩය වෙත ලං කරයි. ඔිනෑම පෘෂ්ඨයක් මත තබා එහි ක‍්‍රියාකාරීත්වය සිදු කළ හැකි බව සියුම්ව දර්ශනයට හසු කරයි. ධාවන පථය තුළ වේගයෙන් ධාවනය වන වාහනයේ ඉදිරි මුහුණත පෙන්වමින් දරුවන් ක‍්‍රීඩාශීලීව විනෝද වන අයුරු දර්ශනයට හසු කර පෙන්වයි. ඒ තුළින් වේගවත් රූපරාමු යොදා සංස්කරණය කර ඇත. තවද දරුවන්ට විවිධ බාධක ලබා දෙමින් එම බාධක ජය ගැනීමට දරුවා උත්සුක කරයි. කළුවර වෙලාවට වැඩි විනෝදක් යනාදී ලෙස  භාෂාව භාවිත කර ඇත. පෙනී සිටින පුද්ගලයන් අනුගමනය කරන ජීවන රටා දැකීමෙන් පාරිභෝගිකයන්ට භාණ්ඩවල අවශ්‍යතාවය ඇති කරවයි. ඒ තුළින් නිෂ්පාදනය වටා ඉල්ලූම  ගොඩනැගෙයි.

මෙහි මිල ගණන් සදහනක් නොමැත. මිලදී ගැනීමත් සමග ලැබෙන නොමිලේ දීමනා ද නිරූපණය කරයි  TELESEEN යන ඔවුන්ගේ සන්නාමය, ක්ෂණික දුරකතන අංකය, වෙබ් අඩවිය සහ දිවයින පුරා ඇති ප‍්‍රදර්ශනාගාරයන්හි නම් හා ඒවායේ ඇමතුම් අංක තිරය මත ප‍්‍රදර්ශනය වෙයි.

දියුණු රටවල වෙනස් පරිසරයක් තුළ හැදී වැඩෙන දරුවන් අධි සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වී ඇත. නමුත් අප රටේ එසේ නොවේ. දැන්වීමේ නිරූපිත චරිත එවන් සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වූ අයයි. මන්ද නිෂ්පාදනයේ අලෙවිය සදහා ඉලක්ක කර ගෙන ඇත්තේ ඉලක්ක පිරිසගේ ජීවන මට්ටමයි.
ඉහත සදහන් කරන ලද නිර්මාණ ප‍්‍රයෝග සියල්ල සංකලනය කරමින් නිර්මාණශීලීව වෙළද දැන්වීම් ඉදිරිපත් කරනු දැකිය හැකිය.

 නිගමනය

වෙළද ප‍්‍රචාරණය අලෙවිකරුවාට තම ව්‍යාපාරයේ ජීවය රැක දෙන රුධිරය හා සමාන වේ. මනෝ විද්‍යාත්මකව හදුනාගත් පරිදි පුද්ගල රුචිය මත, ආකල්ප වටා දැන්වීම්වල සෘජු ක‍්‍රියාවන් රැදී පවතී. එහිදී නිෂ්පාදනය හෝ සේවාව පිළිබදව අතිශයෝක්තියෙන් නොව වඩා තර්කානුකූලවත් බුද්ධිමය වශයෙනුත් ඉදිරිපත් වේ. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් තුළ දැන්වීම් භාවිතය තුළින් භාණ්ඩ හා සේවා පිළිබද අදහසක්, ප‍්‍රතිරූපයක් පාරිභෝගික මනස වටා ගොඩනංවයි. එය රූප පෙළකින්, සිංදුවකින්, දෙබසකින් වැනි කුමන අයුරකින් වුවද ඉදිරිපත් වේ. කුමන භාණ්ඩයක් හෝ වේවා ඇසුරුමේ සිටම නිර්මාණශීලී ලක්ෂණ එකතු කර ඇත. එහිදී පාරිභෝගික ආකර්ෂණය ඇති වන්නේ කෙසේ ද යන්නත් ප‍්‍රචාරණය වටා ගොඩනැගෙන මායාකාරී පරිසරය පාරිභෝගික මනස වටා පැවැත්මක් ගොඩනගා ඇති බව කිව යුතුය.

Wednesday, July 24, 2019

Sanam Teri Kasam සිනමා කෘතිය විචාරය



බොලිවුඞ් රිදී තිරයේ කැපී පෙනුන පේ‍්‍රක්ෂක සිත් අමානන්දනයට පත් කළ සිනමා කෘතියක් වන Sanam Teri Kasam යුගයේ පහළ වු අද්විතීය පේ‍්‍රමාන්විත සිනමා කෘතියක් යැයි හැදින්වීම නිවැරදිය. Deepak Mukut ගේ සාර්ථක අධ්‍යක්ෂණයෙන් යුතු මෙය ඔහුගේ සහජ කුසලතා එලිදැක්වෙන යථාර්තමයරූපී භාවාත්මක නිරූපණයකින් කැටි වුවකි.

කතාන්දරයට ප‍්‍රවිශ්ට වීමේදි නිර්මාණකරුවා යොදා ගනු ලබන දර්ශනයන් මෙහිදි කුතුහලයෙන් යුතුව දෘශ්‍ය කරනු ඇත. කැමරා නෙත යොමු වන්නේ ඉහළ උසාවියේ දර්ශනයකටය. පේ‍්‍රක්ෂකයා විමතියට පත් වෙයි. උසාවියේ සෙනග අතුරින් මතු වී තරප්පු පෙළ බැස එන පුරුෂයාට නෙත යොමු ව්ම විශේෂත්වයයි. මහත්මයෙකු සේ හැද පැළද සිටින ඔහු හැඩි දැඩි කඩවසම් එකෙකැයි සිතේ. පේ‍්‍රක්ෂකයාට මේ සිටින්නේ ප‍්‍රධාන නළුවාගේ භූමිකාව යැයි දැනෙන්නට සලස්වයි. ඔහු නඩුවකින් දිනු බවත් ඔහුට පොලිස් සැරයන් කෙනෙකු සුබ පැතූ බවත් කුතුහලය දනවයි. ඔහු මෝටර් රථයට නැග යාමට මත්තෙන් මාධ්‍යවේදින් ඔහු වට කර ගන්නා ලීලාවෙන් ඔහු ඉතා වැදගත් සමාජ පන්තියක් නිරූපණය කරන්නෙකු බවත් ඔහුගේ යාන වාහන, ඇදුම් දුටු විගස පේ‍්‍රක්ෂකයාට සිතේ.

වියලි ගිය රූක්ෂ ගස් දෙපස මතින් විහිදුන මාවතකට පිවිසෙන ඔහුගේ කාරය මාලිගාවක් වැනි ස්ථානයකට පැමිණේ. ඔහු ඉහළ පැලැන්තියේ කි‍්‍රස්තියානි ආගමේ බවත් වයින් වීදුරුවක් හා වයින් බෝතලයක් ද ගෙන කොරිඩෝව දිගේ විත් විශාල මලින් සැරසුනු ගසක් යටට පැමිණීම පේ‍්‍රක්ෂකයාගේ කුතුහලය තව තවත් වැඩි කරනු ඇත. එහි වර්ණ භාවිතය අගනේය. නෙත පිනා යනු ඇත. ගස මලින් පිරී ඇත. ඔහු එම ගසේ කොටා ඇති නමක් ස්පර්ශය කරනු ලබයි. එවිට ගසින් වැටෙන්නා වු මල් ඔහුව වැළද ගන්නාක් මෙන් ඒ පහස ඔවුන්ට දැනේ. ඔහු එය වින්දනය කරයි. හිතේ ඔහුගේ විශාල නොකියු කතන්දරයක් ඇති බව පෙනෙයි. ඔහු කෙමෙන් අතීතාවර්ජනයට පිවිසෙයි.

ගස බදෙහි කොටා ඇත්තේ සරස්වතී යන නමයි. මලින් සැරසුන ගසද එදින සරස්වතියක් බදුය. දර්ශනය සූක්ෂමව ගෙනහැර පායි. මල ඉතා සුසිනිදු වුවකි. මෙහිදි මොහු කීමට සැරසෙන්නේද මලක් වැනි සොදුරු යුවතියකගේ කතාව විය හැකියි.

දර්ශනය එකවරම නිවාස සංකීර්ණයක් වෙතට යොමු කරනු ලබයි. එහි කුඩා කාමරයකින් එලියට එන උඩුකය නිරුවත් තරුණයා දුටු වහාම පේ‍්‍රක්ෂකයාගේ සිත රාගික හැගීමෙන් දැවී යනු ඇත. වම් ඇලයේ උරයේ දිට ඇගිලි දක්වා පච්ච කොටා සිතුවම් කර ඇත. කරාබු දමා ඇත. කඩවසම් වුවද ඔහු දුටු විගස මැවෙනුයේ සල්ලාලයෙකුගේ චිත‍්‍රණයකි. නමුත් ඔහු එතැන සිටින පූසාට ඔහු පානය කරමින් සිටි කිරි පොවනු ලබයි. ඉන් හැගෙන්නේ ඔහු පිටතින් හැඩි දැඩි වුවත් ඇතුළතින් ළාමක හැගීම් ඇති අනුන් පිළිබද සංවේදී හිත හොද පුද්ගපයෙකු ලෙසටය. නිර්මාණකරුවා ඊලග දර්ශනය රැගෙන යනු ලබන්නේ පසුබිම් සංගීතය සීනුහඩ නංවන දෙවියන් අදහනු ලබන ප‍්‍රතිපත්තිගරුක නිවසක් වෙතටය. එහි පියා ජයරාම්ය. ඔහු කෙලින් පුද්ගලයෙකු බව බැලූ බැල්මට පෙනෙයි. දුවරු දෙදෙනෙකු සිටින යෝධයෙකුය.

දර්ශනය ගැහැණු ළමයා දෙසට යොමු වේ. මැය ප‍්‍රධාන නිළිය විය හැකිය. මැය මුහුණට විශාල නොගැලපෙන කණ්නාඩියක් පැළද පැලද සිටී. නළලේ ප‍්‍රසාද ගල්වා කොණ්ඩය ගොතා සාම්ප‍්‍රදායානුකූලව සැරසී ඇත. පියා සමග රැකියාවට යන දර්ශනයේදි ඉන්දර් මුණ ගැසෙන්නේ අශෝභන අයුරින් හැසිරෙමින් සිටියදිය. ඇයගේ පියාට මේවා වහ කදුරු වූ නිසා ඉන් නිර්මාණකරුවා වෙනත් දර්ශනයකට යොමු වන්නේ ඔවුන් මාර්ගයට අවතීර්ණ විමත් සමගය.

පළමු දැකීමෙන්ම ඉන්දර්ට සරස්වති කෙරේ සිතක් පහළ වන ආකාරය නිර්මාණකරුවා සියුම්ව දක්වයි. එම දර්ශනය සෙමෙන් දර්ශන ඵතයට හසු කරයි. ඇයගේ චරිතය තුළ ඇය යනු පෙනුමට වඩා වයස පෙනෙනවා යැයි සමාජ ගැරහුම් හමුවේ මානසිකව පීඩා විදින තරුණියකි. ඇයට කිසිදු විවාහයක් සාර්ථක නොවේ. ඇය ලක් වි සිටින මානසික ආරවුල මෙහිදි සංවේදිව මවයි. නිර්මාණකරුවා පේ‍්‍රක්ෂකයාගේ පවතින සංවේදිභාවය ඉලක්ක කර ගනිමින් දර්ශන භාවිත කරයි.

මැයද සාමාන්‍ය පවුලක ගැහැණු දරුවෙකි. මැයට ද හැගීම් ආශාවන් ඇත. මැය තමා සේවය කරන ස්ථානයේ කඩවසම් තරුණයෙකුට ඒකපාර්ශවිකව ආදරය කරන නමුත් ඔහු එසේ නොවන්නේ ඇය එතරම් හැඩකාර නොවන නිසා යැයි බාහිරින් සලකාය. ඉන්දර් එසේ නොවේ. ඔහුගේ සල්ලාලකම හැරුණු කොට විශේෂිත වු මානුෂීය ගුණ පවතී. ඇයව තමාගේ හොදම තේරීම බව මුල්ම දර්ශනයේදි සිතනු ලබයි. ඇයගේ රූපයට නොව ඔහු ඇයගේ නොපෙනෙන හදවතේ රූපයට ආදරය කරයි. ඔහුට ඇය ඔහුගේ ලෝකය වි හමාරය. විදුලි සෝපානයේ හිර වු මොහොතේදි ඔහු දහදිය නිසා නිරුවත් වෙද්දි ඇය ඒවා මධ්‍යමව ඉවසා සිටින්නේ ඇයිදැයි සිතෙන මොහොතක ඔහු තුළ ස්ත‍්‍රිය කෙරේ ඇති ස්ථානය දක්වාලයි.

ඇයට සියලුදෙනා සමච්චල් කරනු ලබයි. නමුත් ඔහු ඇයගේ නොදැනුවත්වම ආරක්ෂකයා වී හමාරය. ඇයව ප‍්‍රතික්ෂේප වන සෑම අවස්ථාවකදිම ඇය කදුලින් එය පිට කර දැමුවාය. සෑම තරුණියකගේ ආශාව රූමත්ව සිටීමටය. ඇයට මෙම නින්දා වලින් බේරීමෙි මග වුයේ රූමත් වීමයි. ඉන්දර් සොයා එන ඇයට උරුම වන්නේ ඛේදයකි. ඇසිපිල්ලම් ගසන සැනින් එය සිදු වී හමාරය. ඉන්දර්ගේ අනියම් සබදතාව ඔවුන්ව වැරදි ලෙස අරුත් ගන්වාගෙන විශාල කලබගෑනියක් කර ගියද ඉන් ප‍්‍රථිපලය සරස්වතීට අත්වුයේ ඇය ජීවත්ව සිටියදීම නිවසේ උදවිය ඇයට අවසන් කටයුතු කිරීමෙන්ය. ඔහුගේ පිටෙි තුවාලයෙන් ඇදෙහි සුදු රෙද්දෙහි ගෑවෙන රුධිරය ව්‍යංගාර්ථවත්ව යමක් කියා පායි. වයින් බෝතලය බිත්තියේ වැදී කුඩු වීම තවත් සංකේතයකි. ඉන් ඇනෙන වීදුරු කටු දරා සිටින ඔහු සියලු ප‍්‍රශ්න හමුවෙි නොසැලී සිටින බව පසක් කරයි. දෙවැනි අවස්ථාවක් දෙන්න සොරි හා ආදරෙයි යන්න පැවසීමට යන යෙදුම මෙහි විශේෂ වන්නේ කතාවෙි අඛණ්ඩතාවය රැුගෙන යාම සදහාය. ඇය ඔහු හා සිටින පියාගේ ප‍්‍රතිපත්තිගරුක පියාගේ නම්බුව සියල්ලන් ඉදිරියේ බොද වී යයි. ඒ සියල්ල ඇය වෙත එල්ල කරන කම්මුල්පහරින් දැනෙනු ඇත. ඉන්දර් මවගේ හා පියාගේ ආදරය, රැකවරණය නොමැතිව පවුලෙන් පරිභාහිරව හැදුන වැඩුණකි. එහිදි ඔහු වෙනත් ස්ත‍්‍රීන්ගෙන් සල්ලාල ආදරය සෙවුවද සරස්වතීට අහිමි වී යන ආදරය වෙනුවෙන් ඉදිරිපත් වීම තුළින් පිරිමියා තූළ ස්ත‍්‍රිය කෙරෙහි ඇති විය යුතු ආකල්පමය වෙනස දක්වයි.


සියුම් ගීතයකින් දෙසවන් පිනා යන නැටුම් ගැයුම් මෙහිදි දර්ශන ඵතයට හසුවන්නේ සෙනග ගැවසෙන පොළක් පසුබිම් කරගෙනය. ආලෝකය, වර්ණ, පසුතල දර්ශන ආදිය ඊටම අනුරූපීය. ඔවුන් දෙදෙනාගේ කම්මැලි ජීවිතය මොහොතකට වෙනස් කර මනෝ ලෝකයක් කරා රැගෙන යනු ලබයි. විචිත‍්‍රවත්ය. ගී තනු අලංකාරය. ඇය කුඩා දරුවෙකු සේ හැසිරීම ඔහුගේ සිත තව තවත් ඇලෙන්නට හේතු වෙයි. ඔහු තම දරුවෙකුට මෙන් සෙනෙහස දක්වයි. සුළග යොදා ගනිමින් බඹර කැරකීම, මාළු වෙළෙන්දා කපන්නට යන මාළුවා රැගෙන ජල බදුනකට දැමීම තමන් අපේක්ෂා කළ නිදහසයි. ඔවුන් කෙසෙල් පත‍්‍රවල ආහාර ගනී. ඇයට ඒවා දුටු විගස නිවැසියන් සිහි ගැන්වේ. ඉන්දර් හට ඇයගේ දුක දැනෙයි.

අවලස්සන යැයි ඇය සිතා සිටින ඇයගේ මුහුණට කොල්ලන් අකමැති බව පවසන ඇයව ඉන්දර් විසින් වෙනස්ම ස්ථානයක් කරා රැගෙන යයි. එහි දෘශ්‍ය වන්නේ විවිධ ස්වරූපයන්ගෙන් ලාලිත්‍යවත් වු ස්ත‍්‍රීන්ය. ගණිකා නිවාසයක් දැයි විටෙක සිතේ. නමුත් එය රූපලාවන්‍යයෙන් ආඪ්‍ය වු ස්ථානයකි. විශාල සිදුවීමක් ගීතයක ආධාරයෙන් රසවත්ව මෙහිදි පේ‍්‍රක්ෂකයාට දනවන්නට නිර්මාණකරුවා සමත් වෙයි. ඇයගේ පෙනුම සර්ව සම්පුර්ණ ලෙස වෙනස් වේ. යොදා ගත් වර්ණ, ආයිත්තම් ඊටම අනුකූලය. පිරිමි සිත ඉබේ ඒවාට නැමෙන අයුරු විසිතුරු දෙයට හිත ඇදෙන අයුරු පෙන්වා දෙයි. ඇයගේ වෙනස් වීම ලෝකයා හමුවේ ඇය විවර කරන්නට සිත් දෙන්නේ නිවැසියන් ඉදිරියේය. ඇයගේ සිතුම් පැතුම් ඉටු කර දෙන ඉන්දර් ඇයට අත්විදින්නට වන දුක්ඛ සමුදාය අත්විදිින්නට වන දුක්ඛ සමුදායාත්මක සිදු වීම මෙහිදි ඉතා සියුමැලි ලෙස කදුලක් නංවමින් ඉදිරිපත් කරයි. ඇයගේ අවසන් කටයුතු ඇය ජීවත්ව සිටියදීම සිදු කරනු ඇත. ඇය වැටෙන වැටෙන හැමතැනකදීම ඔහු ඇය හා ශක්තිමත් පවුරක් විය.


ඇයව ප‍්‍රතික්ෂේප කළ සියලූදෙනාම ඇයගේ වෙනස ඉහළින් පිළිගන්නට විය. සරස්වතී කේන්ද්‍ර කර ගනිමින් ඒකපාර්ශවික ආදරයක් පුස්තකාලය පදනම් කරගෙන දළුලන්නට වීම දැක්විය හැක. ඉන්දර් ඇයට කැමතිය. නමුත් ඇය වෙනකෙකුට හිමිය. ඔහුගේ හිතේ ඇති ආන්දෝලාත්මක බව කාට කවුරුන් හිමිවේදැයි යන කුතුහලය අවසානයේදි කවරක් සිදු වේද යන්න අතර දෝලනය කර තැබීමට අඛණ්ඩව නිර්මාණකරුවා සමත් වෙයි. සමාජයේ ඇදුමට, පැළදුමට,රූමත්කමට ඇති පිළිිගැනීම මෙහිදි ඉස්මතු කරනුයේ සරස්වතීට පෙර නොතිබූ ලැදියාව ක්ෂණිකව වර්ධනය වු බව දක්වමින්ය. ඉන්දර් එසේ නොවේ. තමන් ආදරය කරන ස්ත‍්‍රිය කුමන මට්ටමේ කුමන ආකාරයෙන් සිටියද ඔහුට ගැටලූවක් නොවේ. ඔහු ඇයගේ සතුටට ඉඩ ලබා දෙයි. ඇයගේ සතුට වෙනුවෙන් කැප වෙයි. ඇය විවාහය වෙනුවෙන් සිහින මවයි. ඒ සිහිනයට ඉන්දර් හිත දැඩි කර ගනිමින් උදව් කරනු ඇත. කුතුහලය දනවමින් ඇයගේ මනමාලයා ඇයව ප‍්‍රතික්ෂේප කරනු ඇත. සියල්ලකින්ම කඩා වැටෙන ඇය ඉන්දර් හා තනි වෙයි. ඇයට අහිමිව ගිය සෙනෙහස ඇය ගත කිරීමට සිටි මංගල රාත‍්‍රිය සුදානම් වු යහනේම ඇය ගත කරනු ලබන්නේ ක්ෂණික සිදුවීමක් රාගිකව දර්ශනයට යොමු කරමින්ය. රෝස පෙති මුහුණට වැදිමෙන් ඉන්දර්ගේ සිත සසල වෙයි. ඔහු හැගීම් පාලනය කරගෙන සිටියද ඔහුගේ බන්ධනයන් ඇයගේ ආයාචනාත්මක බව ඉදිරියේ නිරුත්තර වෙයි. වේලාව ගෙවී යයි. යමක් සිදු වු බව පේ‍්‍රක්ෂකයාට හැගී යයි. යම් පමණක සතුටක්ද දුකක්ද කුතුහලයක්ද පවතී. ඇය යහනේ නොමැත. ස්තූතියි කියා පණිවුඩයක් තබා මොහු තනි කර දමා ඇය ගොසින්ය. සිදු වුයේ කුමක්ද?සියල්ල හුස්ම හිර වුවක් මෙන්ය. විවාහය අවිනිශ්චිත වු මොහොතක නිර්මාණකරුවා මේ මවන්නේ කුමක්ද?පසුතලය තුළින් සරස්වති හා ඇයගේ මනමාලයා දුටු ඔහු මහත්මා ලිලාවෙන් නිශ්ශබදව පිටව යන්නේ දුක උරුම වු දෙනෙතින්ය.

මීලග සිදුවිමේදි සියලූ බාධක ජයගෙන ඇයව සොයා ගැනීමට වඩ වඩාත් වෙහෙස වෙයි. දුවිලි ඇග ගැටීම සියුම්ව පෙන්වයි. සමාජයේ සිදු වන විවිධ සිදුවීම් මනාව චිත‍්‍රණය කිරිමට මොහු දස්කම් දක්වා ඇත. ඇය ප‍්‍රශ්න වලින් පැන ගොසිනි. නමුත් ඉන්දර් එසේ නොවේ. ඔහුට විසදුම් අවශ්‍ය වෙයි. ඔවුන් සිතූ පරිදි වාද විවාදයෙන් කතාව ගලායන අතර ඔහුගේ උරහිස මත ඇය සිහිසුන් වන මොහොත අප හදවතද සිහිසුන් කර යම් මොහොතකට නවතා දමයි. ඇයට කල්තියා රෝගයක් වැළදි ඇති බව දැන ගත් මොහොත කෙසේ විස්තර කරන්නේද?රස්තියාදු පෙනුම හා ටයිකෝට් අතර ඇති හෘදයාංගම ලැදියාව අපුරුවට දක්වයි. විවාහය ප‍්‍රතික්ෂේප කරනුයේ ඇයගේ රෝගය දැන ගැනීමෙන් පසුවය. නමුත් ඉන්දර් ඇදහිය යුතු පූර්වාදර්ශයකි.

මල්වැල් එල්ලන දර්ශනයක් සමීප වෙයි. කැමරාව ඒ ඒ අත විචිත‍්‍රවත් වේ. වර්ණ භාවිතය විවාහයක අසිරිය ගෙන එයි. රෝහලෙන් අවසර ගෙන රැගෙන එන ඇයට තම සහෝදරියගේ විවාහය දෘශ්‍ය කරන්නට ගන්නා උත්සාහය නිර්මාණකරුවා ගීතමය ස්වරූපයෙන් පේ‍්‍රක්ෂකයා හට සමීප කරනු ලබයි. එහි පසුබිම තාත්විකය. එහි විවාහයක පවතින අංග සමහරක් දැක්ය නොහැකි වුවත් ඒ අසිරිය ගනී. විදුලි බල්බ නිවි නිවි දැල්වෙයි. බෙරකරුවන් හා නලාකරුවන් චලනය වන රූපය. ඇයට එසේ කැප කිරීම් කරනුයේ ඇයගේ සතුට වෙනුවෙනි.

සරස්වතීගේ ජායාරූපයට දමා ඇති මල්මාල ගලවන අවස්ථාව ඔහු මත්පැන් පානය කරවිත් නිවාසේ සම්ප‍්‍රදාය අපවිත‍්‍ර කරන බවත් දක්වන්නේ අභියෝගාත්මක ලීලාවෙනි. පියාගේ කම්මුල් පහරට හසු වන ඔහු ඉවසා දරා නික්ම යන්නේ කැඞී ඇති සිත තවත් ශක්තිමත් කර ගන්නට වෑයම් කරමින්ය.

සරස්වතී සියල්ල දැන ගනී. ඉන්දර්ගේ ආදරය මැද ඇය නිරුත්තර වෙයි. ඔහු පොලිසිය භාරයේය. ඇය පුස්තකාලය තුළ පැරණි මතකයන් ආවර්ජනය කරමින් සුසුම් හෙළනු ඇත. දෙදෙනා දෙලොවක අතරමං වීය. පේ‍්‍රක්ෂකයාට ඉතා සමීප සියුම් හැගිම් නිර්මාණකරු මෙහිදි ආමන්ත‍්‍රණය කරන්නට සමත් වි ඇත. පොලිසිය හා දබර කර මහත් පරිශ‍්‍රමයකින් අනතුරුව ඔවුන් දෙදෙනා එක් වීම කසිවෙකු නොමැති ඔවුන් දෙදෙනා පමණක් සිටිතියි හැගෙන මනෝලෝකික හැගීමකින් පේ‍්‍රමාන්විතව සමරනු ලබයි. මාංචු වලින් සැරසුන ඔහුගේ දෑත් පේ‍්‍රමය හමුවේ පරාජය වන බව දක්වයි. පේ‍්‍රමය සිර කර තැබිය නොහැකි උත්තුංග දෙයකි. අප සියල්ලෝම පේ‍්‍රමයේ කොටස්කරුවෝ වෙති. ඔහු ඇයගෙන් පිළිතුරක් ලබා ගැනීමට දින 27ක් බලා සිට ඇත. හදවතින් දිනයක් ගානේ විදවන්නට ඇත. කැප කිරීම් පරිත්‍යාග හමුවේ ඔහු ඇය වෙනුවෙන් මැරි මැරි ජීවත් වන්නට විය. අවසානයේදි පොලිස්කරුවාද සංවේදි වන අයුරු දනවයි. ඔවුන්ගේ නීතියද පේ‍්‍රමයේ යදමින් වලංගු ලාලිය නොහැකිය. ඇය වෙනුවෙන් පියාද මැරිය හැකි බවත් තමාද ඇය වෙනුවෙන් මැරීමට සුදානම් බවත් ඔහු පවසයි. එය පියාගේ සම්ප‍්‍රදාය ගතානුගතික අදහස් වෙනස් වීමට බලපෑම් කරනු ඇත. පියා පේ‍්‍රමය පිළිබද පොතක් කියවමින් සිටි බව පසක සගවා ගත් පොත දර්ශනයට හසු කර නිර්මාණකරු අලංකාරව පෙන්වනු ලබයි. පියාගේත් මවගේත් පැමිණීම ඔහුගේ විවාහයට ආශිර්වාද වීමත් සතුටින් පිනා යාමත් සතුටු කදුළු වලට උරදීමක් විය.

ඉන්දර් හෝ පියාගෙන් එකෙකු තෝරා ගන්නට කියු විට සරූ තෝරා ගන්නේ තමන්ගේ පියාය. ඒ මොහොත ක්ෂණිකව ඉතා පැහැදිලිව දර්ශනයට ගන්නා ලද්දේ ඇය තදින් අල්ලා සිටි ඉන්දර්ගේ අත අතහැර පියාට තුරුල් වීම දක්වමින්ය. ඉන්දර්ගේ වැටෙන කදුළු වලට සාධාරණයක් තවමත් නොමැත. ආදරය නිසා පිරිමියාගේ කදුලට ද ඉඩක් තිබිය යුතුය. අසම්මත යැයි බැහැර කළ නොහැකිය. සියල්ල ඇස් ඉදිරියේ කඩා වැටෙන්නට වුයේ සරූ විවාහයට අත්සන් කර විගසම ඇදගෙන වැටීමත් නිසාය. මරණය කාහටත් පොදුය. මෙහිදි පසුබිම් සංගීතය මොහොතකට නවතියි. පවසන්නේ ඒ මරණය බවද?කුතුහලයකි. පියා ජයමට සමරන්නට සිටින විවාහයේ සිහිනය බොද වී යනු ඇත. ඇය වෛද්‍යවරයාගෙන් තව කොපමන වේලාවක් ජීවත් වීමට ඇත්දැයි සිතුවිලි සිර කර ගනිමින් ප‍්‍රශ්නයට නගනු ලබයි. වෛද්‍යවරයාගේ සිතුවිලි කෙසේද? පේ‍්‍රක්ෂකයාගේ සියුම් රිද්මය ක‍්‍රමයෙන් වැඩි වී එන්නා සේය. ඇයගේ අවසන් කැමැත්ත ඉටු කර දෙන ඔහු අවසන් හුස්ම පොද යනතුරුම ඇයව තුරුලට ගෙන භාවාත්මක හැගීමි සංතර්පණයෙහිලා නිරත වන්නේ පේ‍්‍රක්ෂකයාටද ඇසට කදුලක් මෙන්ම හදවතේ සියලූ ස්වරයක්ම රිදවමින්ය.

ඇයගේ අත්වල ගල්වන ලද මෙහෙන්දි වියලී නොමැති බව ඇය ඉන්දර්ට පවසයි. විගස සම්බන්ධ කර තිබු මැෂින් අඩපණ වෙයි. දීර්ඝ නැවතුම් ශබ්දයක් රෝහල පුරා පැතිර යයි. කළුවර වෙයි. ඔහු ඇයට පොරොන්දු වු ලෙසම සර් යැයි ඇමතූ පුද්ගලයාට පියා යන්න අමතයි. අතීතාවර්ජනය අවසන් කොට නැවත වත්මන් සිදුවීම වෙත ප‍්‍රවිශ්ට වන නිර්මාණකරුවා ඉදිරි ගමනේ සල්ලාල පුද්ගලා මහත්මයෙකු වී සිටින අයුරු දර්ශනය වේ. ටයි කෝට් ඇද සිටී. මුහුණේ ඉර්යව් වෙනස්ය. ඔහු ඇය සමග දොඩමළු වේ, මුලින් සදහන් කළ පරිදි මල් ඔහුව ස්පර්ශ කර සුලග ඔහුව තුරුල් කර ගනී ඒ ඇයයි. ඔහුගේ තවමත් ජීවමාන ප්‍රේමයයි. පේ‍්‍රමය වූ කලී මිය ගිය ද පවතී. එය සදාකාලික පිවිතුරු හැගීමකි. සාම්ප‍්‍රදායික පේ‍්‍රමාන්විත වලින් ඔබ්බට ගිය දර්ශනීය භාවාත්මක සිනමා කෘතියකි. ඔහුගේ හදවත තවමත් ඇයටම ආදරය කරන බව ඔහු පොරොන්දු වෙයි ඇයගේ නමින්...
සොදුරිය මා ඔබේ නමින් දිවුරන්නමි...