රූකඩ වැනි අජීවි වස්තූවකින් මිනිස් හැගීම් ප‍්‍රකාශ කරන්ට හැකිදැයි මෙහිදි පැනයක් පැන නගී. රූකඩ යනු සම්පූර්ණ රූපයකින් අඩක් යන තේරුමක් ගෙන දුන්න ද අනෙක් නොපෙනෙන කොටස වන්නේ රූකඩය කි‍්‍රයාකරවන්නාගේ ආත්මය කාවැද්දවීමෙහිලා දක්වන්නා වූ චලනය අපුර්ව වින්දනයක් බවට පත්වී චමත්කාරය මැවීමයි. එකී චමත්කාරය පේ‍්‍රක්ෂකයා තුළ විචිත‍්‍රවත් වන්නේ කුතුහලය මුල් කර ගනිමින්ය.
ශී‍්‍ර ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ අම්බලන්ගොඩ කේන්ද්‍රීය කරගෙන රූකඩ කලාවේ කිසියම් පුනර්ජීවයක් ඇති විය. සාමාන්‍ය ජනතාවගේ මතය රූකඩ කලා නිර්මාණ ඉතා පහසු සුළු දෙයක් බවයිග. සමහර බුද්ධිමත් යැයි සිතන උදවිය ද මේ කලාව ඕනෑම කෙනෙකුට කළ හැකි දුප්පත් කලාවක් ලෙස සලකති. තවද අහක දමන දේ වලින් කළ හැකි කලාවක් ලෙසද සලකති.
රූකඩ චරිතයට අවශ්‍ය දෑ තෝරා ගැනීමේ දි ඒ ඒ ද්‍රව්‍යවල මතුපිට ස්වභාවයල හැඩතලල වර්ණල ද්ව්මාන බව, ති‍්‍රමාණ ලක්ෂණ නිරීක්ෂණය කොට ඒ ඒ චරිතවලට පණ පෙවිය යුතුය. තිර නාටකයක් ලිවීම, එයට රූප ඇදීම, ඒ රූප කැපීමල පාට ගැන්වීම, වෙස් ගැන්වීම හා සැරසිලි කළ යුතුය. නිර්මාණය කරගත් රූපයේ චරිතයට අනුව නාදමාලා පිහිටුවීමල රංගනය, වේදිකා සැරසිලි, ආලෝකකරණය, තිර යෙදීම ආදි සියල්ලක්ම අන්තර්ගත වන්නේ රූකඩ කලාවට නිසා රූකඩ කලාව බහුවිධ මාධ්‍යයක් ලෙස සැලකේ.
සෑම කලාවකටම ඉතිහාසයක් ඇත්නම් රූකඩ කලාවටද ඉතිහාසයක් ඇති බව සත්‍යයකි. නමුත් බොහෝ විචාරකයන්ගේ මතය වන්නේ රූකඩ කලාවට ඉතිහාසයක් නොමැති බවය. අතීතයේ සිටම මිනිසා ස්වභාව ධර්මයේ පවතින විවිධ ශක්තීන් වටහා ගැනීමට උත්සාහ කර ඇත. ඒ උත්සාහයේ දි විවිධ දෙවිවරු පුද පූජාවට පත් කර ගත් බවත් එකී පුද පූජා ක‍්‍රමවලට රූකඩ කලාව එක් වී ඇති බව ජනශ‍්‍රැති වලින් පෙනේ.
මිනිසාගේ බිය සංකාව පහකර ගැනීමට මළගිය ආත්ම සදහා පුදපූජා පැවැත්වීමෙන් තම තමාගේ එදිනෙදා ජිවිතවල සුරක්ෂිතභාවයත්, දියුණුවත් ඇති වන බව විශ්වාස කළහ. මේ නොපෙනෙන ආත්මයන්ට රූපයට රූපයක් පුදා හෝ මුළු සිරුරම උගස් තැබූහ.
එසේම මෙම ආත්මයන් තමන්ගේ සීමාවෙන් ඉවත් වී ගස්, ගල්, පර්වතල ගුහාවල වෙසෙන බව සිතා ඒ ස්ථානවල රූප එල්ලා තැබීමත්, ඒ චලන රූප වටා විවිධ නැටුම් කළ බවත් පෙනේ. මේ නැටුම් ගැයුම් අතර රූකඩ ප‍්‍රධාන ස්ථානයක් ගත්තේය. නිශ්චල රූපයට වඩා චංචල රූපයට දේවත්වය ඉක්මනින් ලංවන බව ද විශ්වාස කළහ. ඒ නිසා රගපෑමේ ඉතිහාසයටත් වඩා රූකඩ කලාව ඉතාමත් පැරණිය. දෙවෙනි පරාක‍්‍රමබාහු රජු කල දන්තධාතු පෙරහැරේ හම්වලින් සාදන ලද රූකඩ ගෙන ගිය බව චූලවංශයේ සදහන් වෙයි.
මූලික රූකඩයෝ- නූල් රූකඩ, රිටි රූකඩ, අත් රූකඩ, සෙවනැලි රූකඩ
ද්විතියික රූකඩයෝ- වෙස්මුහුණු රූකඩ, දැවැන්ත රූකඩ, අදුරුකුටි රූකඩ, මායාත්මක රූකඩ
තෘතියික රූකඩයෝ- යටිතල වේදිකා රූකඩ, ජ්‍යාමිතිය රූකඩ, රොබෝ රූකඩ, සප‍්‍රාණික රූකඩ, දෘශ්‍ය මායා රූකඩ, හැගීම් මවන මායා රූකඩල, සෙවණැලි අත් රූකඩ
නූල් රූකඩ ලෝකයේ අති පැරණිම කලාවයි. නූල් හා නූල්වලට වඩා තද කම්බි වැනි නූල් වලින් ප‍්‍රාග් යුගයේ රූකඩ නැටවූ බවට තොරතුරු හෙළි වෙයි. පසුකාලයේ දි කදුරු ලීයෙන් රූප සමානුපාතිකව කපා කොටා වේලා පසුව සාදිලිංගම්, ගොකටුල ලාම්පු දැලි එකිනෙක මිශ‍්‍ර කරමින් රූප සායම් කරන ලදී. සායම් කිරීමෙන් පසු වේලා දොරණ තෙල් සමග මිශ‍්‍ර කොට රූපයේ මතුපිට ගල්වන ලදී. එයින් රූකඩ රූපය ආරක්ෂා වේ. පසුව ඇදුම් පැළදුම් සැරසිලි කරනු ලැබේ. යතුරු පුවරු යොදා රංගනයට සුදුසු ලෙස සකසා ඉදිරිපත් කරන රූකඩ නාට්‍ය නූල් රූකඩ කලාවයි. නූල් යොදා රූකඩ නිමකල පසු යතුරු පුවරුවේ ආධාරයෙන් රූකඩය අහසේ පාවී යයි. මෙහිදි යටිපතුල්වලට ඊයම් තහඩු යොදනු ලබයි. ඉන් ස්වභාවික නළුවෙකුගේ ගමන්මග දනවයි. සංකීර්ණ හැඩ ලබා ගැනීමට නූල් 8, 12, 24ත් යොදනු ලැබේ.
රිටි රූකඩ ආරම්භ වූයේ ප‍්‍රාග් යුගයේ සිටමය. දිගු රිටක් මත හිස්කබලක් රැදවීම හෝ වෙස් මුහුණක් සවිකොට සිරුර පෙදෙසට පිදුරු වැල් හා වෙනත් වියළි කොළ කලාත්මක ලෙස සැරසිලි කෙරේ. ලොකු රිටි, මධ්‍යම රිටි, කුඩා රිටි යනුවෙන් විවිධ උසින් හා විවිධ සැරසිලි වලින් නිර්මාණය කරන ලද්දේය. පසුව රිටි රූකඩයට අත් දෙකක් සවි කර අත් දෙකට කෝටු දෙකක් සව්කරන ලදී. රිටි රූකඩය යටින් ශක්තිමත් නූල් දමා ඉරියව් මතු කිරීම මෙහි ලක්ෂණයකි.
සෙවනැලි රූකඩ ක‍්‍රි.ව 1150 දි පරාක‍්‍රමබාහු රජු කාලයේ තිබූ බව චූලවංශයේ සදහන් වේ. මුල් අවධියේදි පීනික්ස් ගහේ කොළත් පසුව සේද කඩදාසි ද පාවිච්චි කර ඇත්තේය. පසුව හරක් හම්ල බූරු හම්, එළු හම් වැනි සත්ත්වයන්ගේ හම් වේලා ගෙන රූප නිර්මාණය කළහ. මෙම සෙවනැලි ශිල්පය අතිශය සියුම්වත් කලාත්මකවත් කළ යුතු වූවකි.
අත් රූකඩ යන්න සුවිශේෂි ශිල්ප ක‍්‍රමයකි. මෙහි අද්විතීය යාන්ත‍්‍රණය හිමි වන්නේ අතටය. අත් හා ඇගිලි මනාව රිද්මිකව රංගනයේ හා රංගන කාර්යයේ යෙදිය හැකිය. මෙකී ප‍්‍රධාන රූකඩයන්ට අමතරව ද්විතීයික හා තෘතියික රූකඩයෝ දක්නට ලැබේ.
මධ්‍යකාලීන සිංහල කලාකරුවන් අතර ශී‍්‍ර ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ අම්බලන්ගොඩ රූකඩ කලාව වීර ප‍්‍රසිද්ධියක් උසුලයි. ඒ පෙදෙසේ රූකඩ කලාකරුවන් යටතේ කෑගල්ල හා මහනුවර ප‍්‍රදේශවල රූකඩ කණ්ඩායම් කිහිපයක් මේ දක්වාම මේ ශිල්පයෙහි මන්දගාමී ලෙස නිරත වී සිටියි.
මුල් අවස්ථාවේදි රූකඩ රූප හා ගීතවෘන්දවල දකුණු ඉන්දීය ලක්ෂණ බෙහෙවින් තිබුණි. නමුත් පසුකාලයේදි ක‍්‍රමයෙන් දේශීය ලක්ෂණ රූකඩ කලාවට බලපෑවේ ජාතක කතා පොතේ කතාන්දර රූකඩ කතාවලට ගොඩනැගුණු නිසාය. ශී‍්‍ර ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ කතෝලික පාස්කු නාට්‍ය රූකඩ මගින් ඉදිරිපත් වීම රූකඩ කලාවේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස පිළිගැනේ. දකුණේ අම්බලන්ගොඩ ප‍්‍රදේශය කේන්ද්‍රීය කරගෙන ගාල්ල, මිරිස්ස, බලපිටිය වැනි පෙදෙස් හා අතුරු පෙදෙස්වල රූකඩ නාට්‍යකරුවෝ තවමත් තමන්ගේ රූකඩ දසුන් ඉදිරිපත් කරති. මේ පෙදෙස්වල රූකඩ ශිල්පීහු තමන්ගේ රූකඩ සම්ප‍්‍රදාය පිටට නොදිමට වගබලා ගනී. තමන්ගේ පවුල්වල අයම විවාහ වෙති. ශිල්පය පිට නොදීමට කටයුතු කරනුයේ එයින්ම තම කලාංගය අතුරුදන් වේගෙන යයි බියක් පවතින නිසාය.
1814 මැයි 17 වන දින මහනුවර රජ කළ ශී‍්‍ර වික‍්‍රමරාජසිංහ රජතුමා විසින් ඇහැලේපොළ කුමාරිහාමි හා ඒ දරු දැරියන් මෙන්ම තම සහෝදරියන්ද මරා දමන ලදී. මෙකී සිද්ධිය අරබයා අම්බලන්ගොඩ රූකඩ ශිල්පීන් විසින් ඇහැලේපොළ නාඩගම යනුවෙන් දීප ව්‍යාප්තව මේ ශෝකාන්ත රූකඩ නාට්‍ය හැම නගරයක් පාසාම පෙන්වූ බව කියයි. කි‍්‍ර.ව 1815දි මේ රූකඩ නාට්‍ය පෙන්වීමට ඉංගී‍්‍රසි ආණ්ඩුව විසින් නවතා දමා ඇතැයි පැවසේ.
මෙසේ විවිධ අතවරවලට ලක්වූ අපේ පාරම්පරික රූකඩ කලාව බවට පමණක් සීමා විය. කෙසේවෙතත් මධ්‍යම කාලීන රූකඩ කලාව දකුණේ කලාකරුවෝ විවිධ බාධක ඉදිරියේ රැක ගැනීමට ගන්නා උත්සාහයට අප ප‍්‍රශංසා කළ යුතුය. පොඩි සිරිනා ගුරුන්නාන්සේ රූකඩ කලාවේ එක් පරිච්ජේදයක ආරම්භයක් වීම මේ කලාවේ වර්ධනයට හේතු විය.
රූකඩ කලාව දකුණේ ආරම්භ වීමට පෙර සිටම දකුණු කලාකරුවන් නාඩගම්ල කෝලම් හා වෙස්ම මුහුණු කලාවේ පුරෝගාමියෝ වූහ. කෝලම් හා නාඩගම්වල ඇති හාස්‍ය, උපහාසය වඩාත් තීව‍්‍ර කළ හැකි වන්නේ රූකඩ කලාවෙන් බව ඒ කලාකරුවන් තේරුම් ගැනීම නිසා මේ කලා කර්මාන්තයේ යෙදුණි. රූකඩ වගේ මිනිස්සු යන වදන අනුව මේ කලාවම උපහාසයට ලක් ව් ඇත. යම්කිසි පිරිසකගේ දුෂ්ට දුර්වල ගතිසිරිත් රූකඩයට සමාන කිරීම එක් අතකින් සාධාරණය.
මෙකී තේමා සහිත ජාතක කතා, ජන කතා තෝරා ගැනීමද මේ ශිල්පීන්ගේ දක්ෂතාවයකි. බොහෝ ජාතක කතා වල දි දකුණු ඉන්දීය නර්තනය, සංගිත ස්වර හා ඇදුම් පැළදුම් යෙදිම දකුණේ රූකඩ ශිල්පීන්ට අනුගමනය කිරීමට සිදුවූයේ මේ කාලය වන විට ඉන්දියාවේ විවිධ කලා අංශවල කලාකරුවෝ ලංකාවට පැමිණීම නිසාය. විවිධ පෙදෙස්වල නාට්‍ය, රූකඩ නාට්‍ය, සිනමා හා සර්කස් කලාකරුවෝ පැමීණීම නිසා අපගේ කලාවන්ට නිතැතින්ම ඒ කලා අංශ මිශ‍්‍ර විය. මිශ‍්‍ර වුව ද අපේම සංස්කෘතියට එකතු කර ගැනීමට විවිධ බාධා තිබුණි.
මේ අතර අම්බලන්ගොඩ කන්දෙ ගෙදර බයියා ගුරුන්නාන්සේගේ පුත් පොඩි සිරිනා ගුරුන්නාන්සේගේ පුත් පොඩි සිරිනා ගුරුන්නාන්සේ ශී‍්‍ර ලාංකික රූකඩ කලාවේ විප්ලවයේ එක් පුරුකක් වීමත් එමගින් ජී.දැනියෙල් හා ජී.ජේම්ස් යන දරු දෙදෙනා පහළ වීමත් අම්බලන්ගොඩ රූකඩ කලාවේ සන්ධිස්ථානයක් ගනියි. ජී.දැනියෙල් මහතාගේ පුත් ජී.එම් සේපාල මහතාත් එල්.ජී ගෝම්ස් මහතාත්, ජී.ජේම්ස්ගේ පුත් ජී.පේ‍්‍රමීන් මහතාත් පාරම්පරික රූකඩ කලාවේ අනාගත කොටස්කරුවෝ වීම අම්බලන්ගොඩ රූකඩ ශිල්පයට මහත් ආස්වාදයක් විය. ඔවුන්ගේ මෙහෙයවීම යටතේ කරන ලද රූකඩ කලා උත්සව වලදි ඔවුන් සම්මාන ලැබීමට තරම් පුණ්‍යවන්තයෝ වී ඇත.
රූප, ශබ්ද, වර්ණ යනාදි
මූර්තිය පදනම් කරගෙන ලී කැබලි කිහිපයක් කිසියම් රංගනයක් බවට පෙරළා ඒ තුළින් පේ‍්‍රක්ෂකයා
තුළට පණිවුඩයක් දීම රූකඩ කලාවේ අති ප‍්‍රබලතම සන්නිවේදනයයි. ජීවිතය පිළිබද පුළුල්
අවබෝධයක් ලබාදෙන මේ මාධ්‍යය තුළින් නිර්ව්‍යාජ බවත්, අවංකබවත් හෙළි පෙහෙළි කළ
හැකිය. එසේම නූතන ලෝකයේ විනාශකාරී ආවේගයන් සමනය කිරීමටල රූකඩ කලාව මගින් විශේෂ
මෙහෙයක් කළ හැකිය. අපේක්ෂාභංගත්වය, නොසන්සුන්කම මගහැර සෞඛ්‍ය සම්පන්නබවත්, ඉවසීමත්, සංයමයත් ලබා ගත හැකිය. චිත‍්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය, සිනමාව, ඉතිහාසය, තාක්ෂණය, විද්‍යාව වැනි බහුවිධ මාධ්‍යයන් අන්තර්ගත කළ හැකි එකම නිර්මාණ අඩංගු වන්නේ රූකඩ
කලාව තුළයි.
Niyamai
ReplyDelete