ගීතය අන් කලා
මාධ්‍යයන් මෙන් නොව කේවල නිර්මාණයක් නොවේ. නවකතාව, කෙටිකතාව, කවිය වැනි කලා මාධ්‍යයන් කේවල මාධ්‍යයන්
ගණයට වැටේ. නමුත් ගීත
රචකයා, සංගීතඥයා,
ගායකයා යන කලාකරුවන් ත්‍රිත්වයේ
නිපැයුමකි. කලාතුරකින් මේ
කලාකරුවන් ත්‍රිත්වය එක් පුද්ගලයෙකු තුළ පිහිටීමෙන් ඒක පුද්ගල නිර්මාණයක් ලෙස
ගීතය බිහි වෙයි.
සංගීතයක් බිහි
වීම සදහා අනිවාර්ය ලෙසම ස්වර, වර්ණ, පද, අර්ථ, රාග, රසය යන ලක්ෂණ අන්තර්ගත
විය යුතුය. ගීතය ලෙස
හදුන්වන්නේ ස්වර සහ පදවලින් යුක්ත වු තාලයකට සහ ප්‍රමිතියකට අනුව ප්‍රබන්ධ වූ
සාහිත්‍යමය පද රචනාවයි. සාර්ථක ගී පද
රචනාවක අර්ථ ගාම්භීරත්වය, භාෂා වෛචිත්රය,
ගුණ සම්පත්තිය,
සුගේයත්වය යන ලක්ෂණ
තිබිය යුතුය. අර්ථ
ගාම්භීරත්වය නම් යම් ගීතයක් පවනට වැටූ සැනින් ඒ මගින් අපව දැකීමේ හැකියාවයි.
වර්ෂ 1978 දී තිරගත වුණු ”බඹරු ඇවිත්” ධර්මසේන පතිරාජයන්ගේ
සිනමා සිත්තමකි. මෙහි ධාවන
කාලය පැයක සහ මිනිත්තු පනහකින් යුක්තය. විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා,
දයා තෙන්නකෝන් හා
අමරසිරි කලංසූරිය චරිත නිරූපණය කළෝය. සංගීත අධ්‍යක්ෂණය පේ‍්‍රමසිරි කේමදාසයන්ගෙනි.
මෙම ගීතය රචනා
කර ඇත්තේ ඩබ්ලිව්. ජයසිරිය. මෙය ඔහුගේ දෙවන ගී පද
රචනයයි. මෙහිදී
ඩබ්ලිව්. ජයසිරි යනු ශ්‍රී
ලාංකීය නළුවෙකු, තිර රචකයෙකු
හා ගීත විචාරකයෙකි.
1973 දී දාහකින්
එකක් චිත්‍රපටය සමග ඔහු සිය වෘත්තාන්ත චිත්‍රපටය එළිදැක්වූ අතර ශී‍්‍ර ලාංකීය
චිත්‍රපට කිහිපයකම සහාය දැක්වීය. ඒවා අතුරින්,
- 1997 දුවට මවක මිස
- 2000 මේ මගේ සදයි
- 2002 තනි තටුවෙන් පියාඹන්න
- 2014 Death on a noble day යනාදිය හදුනාගත හැකිය.
ගාල්ල ප්‍රදේශයේ
උපත ලැබූ මොහු හොදම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානය දිනා ගන්නට සමත් විය. ඒ 1997 දී දුවට මවක මිස චිත්‍රපටය
තුළින්ය. තවද ඔහු දෙරණ
ලක්ස් සිනමා තුළින් 2012 දී ගාමීණී
චිත්‍රපටය සදහා හොදම සහය නළුවාට හිමි සම්මානය දිනා ගන්නා ලදී. තවද ඔහු ගීපද රචකයෙකු
ලෙස දැනට ගීත දෙකක් පද රචනා කර තිබේ. එනම් හාන්කවිසියක්, උදුම්බරා හිනැහෙනවා යන ගීත දෙහද තුළින්ය.
බඔරු ඇවිත්
චිත්‍රපටයට තේමා ගීතය රචනා කරන මෙන් ධර්මසේන පතිරාජගේ විසින් ඩබ්ලිව්. ජයසිරිහට පැවසූ විටදී
ඔහු ඉන් මවිතයට පත් වූ බව සදහන් වෙයි. ඔහු පවසන්නේ බඹරු ඇවිත් චිත්‍රපටයට උදුම්බරා හිනැහෙනවා
යන ගීතය ලියවුණේ එහි කේන්ද්‍රීය චරිතය වූ හෙලන් පාදක කරගෙන බවයි. එම හෙලන්ගේ චරිතයට
රගපාන ලද්දේ මාලනී ෆොන්සේකාය.
දිඹුල් ගෙඩිය
හට ගන්නේ මල පිපෙන්නේ නැතුවය. හෙලන්ගේ
චරිතයත් එවැනි මලක් වෙන්නට කලින් හට ගන්නා ලද දිඹුල් ගෙඩියක් ලෙස ඔහු දැක තිබේ. එය යොදා ගනිමින්
සොබාදහම හා බැදුණු මිනිස් ජීවිතයේ අරුත ඉස්මතු කරන්නට ඩබ්ලිව්. ජයසිරි වෑයම් කර ඇත.
1979 දී හොදම චිත්‍රපටය
හා හොදම චිත්‍රපට අධ්‍යක්ෂණය සදහා ජනාධිපති සම්මානයට පාත්‍ර විය. තවද 1978 දී රුසියාවේ මොස්කව්
අන්තර්ජාතික සිනමා උළෙලෙහි ලංකාව නියෝජනය කරන්නට ද මෙම බඹරු ඇවිත් සිනමා පටයට
අවකාශය ලැබිණි.
මෙම චිත්‍රපටයේ
කතා පුවත මුළුමනින්ම සිය සංගීතමය ග්‍රහණයට නතු කර ගන්නා කේමදාස ධර්මසේන පතිරාජ
ගොඩනැංවූ කතා පුවතට නොදෙවෙනි වූ සංගීතමය කතාබහක් චිත්‍රපටයේ ඇති කරයි. ඒ ජනතාවට නොවැටහුණු
ධනවාදී සමාජ ක්රමයේ තිබූ දේශපාලන සිනමා කතිකාව කේමදාස තමන් අදහන සංගීතමය
භාෂාවෙන් ප්‍රකාශ කරයි. ඩබ්ලිව්
ජයසිරි විසින් පුද්ගලානුභූතියට අනුව යමින් මෙසේ ගීතය නිර්මාණය කර තිබේ.
උදුම්බරා
හිනැහෙනවා
ඉර අදුරට
හැංගෙනවා
දස දහසක් සම්
මස් ඇට
සිනා කදුළු
වැහිවැහැලා
ගිනිගෙන රත්වුණු
දවසක
සැනසෙන එක
හැන්දෑවක
උදුම්බරා
හිනැහෙනවා...
මුහුදු කොනේ
සුදු වැල්ලේ
ඉර හැංගෙන එක
මොහොතක
උදුම්බරා
හිනැහෙනවා...
කළුවර දුම එක
හුස්මට
මුලූ ලෝකෙම
වසා ගන්න
ගිනි දිය
ලෝදිය වැස්සේ
කිරි සල්කිරි
උදුම්බරා...
සිනා කදුළු
වගුරනවා
ආදරයේ ගඟ ඔබ
ඔබමය
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා...
හදුනාගත්තොත්
ඔබ මා...
හදුනාගත්තොත්
ඔබ මා...
ඒ මොහෙතෙම එක
හුස්මට
උපදිනවා ගිනි
රස්නය
සීතලෙන්ම...
හදුනාගත්තොත්
ඔබ මා...
මහ මුහුදම
ගොඩට ගලා
රත්වුණු හිරු
පායන්නට
රත්වුණු හිරු
පායන්නට
ගොඩබිම මහ
මුහුදක් විය
මහ මුහුදම
ගොඩබිම විය
උදුම්බරා කදුළු
සලයි...
උදුම්බරා
කදුළු සලයි...
කදුළු සලයි... කදුළු සලයි...
ගීතයක ව්‍යංගාර්ථයක්
තිබිය යුතුය. අපට ගීතයක්
අසා එහි අර්ථය රසවිදීමේ හැකියාවක් තිබිය යුතුය. ගීතයේ මතුපිටින් ඇති අර්ථයට වඩා එහි ගැඹුර දැකීමේ හැකියාවක් තිබිය යුතුය.
උදුම්බරා
හිනැහෙනවා
ඉර අදුරට
හැංගෙනවා
මෙහි උදුම්බරා
යන නම ඉතිහාස කතාවල යෙදී ඇත. පැරණි ජාතක
කතාවක් වූ උම්මග්ග ජාතකයේ එන අතුරු කතාවක් වන සිරි කාලකණ්ණි ප්රශ්නයේ දී මෙය හමු
වේ. අතීතය පිළිබදව
සිත යොමු කළ විට දී උම්මග්ග ජාතකය ලියැවෙන්නේ කුරුණෑගල යුගයේදී ය. තවද චිත්‍රපටයේ හෙලන්
සමග විවාහ ගිවිසගෙන සිටින අය සිරි කාලකණ්ණි ප්රශ්නයේ පිංගුත්තර, උදුම්බරා දේවිය හා
වේදේහ රජතුමා සමග තරමක ගැලපීමක් ඇති කරනු පිණිස පද රචකයා විසින් මෙම ගීතයේ දී ”උදුම්බරා” යන වචනය යොදා ගනිමින්
රූපකායෙන් යුක්ත තැනැත්තියක් බවට පෙන්වා දී තිබේ. නමුත් සිරිල් පිංගුත්තර මෙන් නොව හෙලන්ට සිත
පතුලෙන්ම ආදරය කල තැනැත්තෙකි.
ගීතය තුළ
භාෂාව යොදා ගැනීමේ දී එහි අපූර්වත්වයක් තිබිය යුතුය. ඉර අදුරට හැංගෙන්නෙත් උදුම්බරා හිනැහෙන්නෙත්
එකම ඉසව්වක දී ය. ඒ පරම්පරා
ගණනක් තිස්සේ හැදී වැඩුණු වැල්ලේමය. උදුම්බරා ගීතය චිත්‍රපටයේ පසුබිමින් එකදිගට වාදනය නොකර
අවස්ථා තුනක් යටතේ චිත්‍රපටය සමස්ථය හකුළුවා දක්වයි. ඒ තුළින් චිත්‍රපට ගීතය, චිත්‍රපට සංගීතය හා
පසුබිම් ගීතය තුළ ඇති වෙනස දැනෙයි.
මහමුහුදේ
හැපෙමින් මුහුද හා අරගලයක යෙදෙන ධීවරයින්ගේ දුක් අදෝනා මුහුදේ නිතර වෙනස්වන
ස්වභාවය ඔස්සේ හසුකර ගනී. ඔහු මේ සිනමා
කෘතියේ සංගීතය නිර්මාණය කිරීමට පෙර මහ මුහුද සංධ්වනිය නිර්මාණය කර තිබූ නිසා ඔහුට
බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය නිර්මාණයේ දී මහ මුහුද හැසිරෙන ආකාරය සංගීතයට හසුකර
ගන්නා අන්දම පිළිබදව මනා අවබෝධයක් තිබෙන්නට ඇත. විටෙක මුහුදේ ඇති නිසල බවත් තවත් විටෙක එහි
චංචලභාවයත් තවත් විටෙක අති ප්‍රචණ්ඩත්වයත් සංගීතය හසුකර ගන්නේ ධීවර ජනතාවගේ හදේ
රිද්මයෙනි.
ආදරයේ ඔබ ඔබමය
ආදරයේ ඔබ මා
නොව
දවසක්දා...
හදුනාගත්තොත්
ඔබ මා...
චිත්‍රපටයේ අවස්ථා දෙකක දී හෙලන්ගේ චංචල
සිතුවිලිවල මනෝභාවයන් වඩා උච්ජ තලයක රදවන්නේ ගීතයේ මෙම කොටසින්ය. උදුම්බරා
හිනැහෙයි. නමුත් සමාජය
තුළ හිදගෙන ඇය සිනාසෙන්නේ කෙසේද යන පැනය මෙහිදී නැගෙනු ඇත. ඇය ගමේ තරුණයෙකු හා
විවාහ ගිවිසගෙන සිටි අතර ඒ තරුණයා ජීවිතයෙන් වන්දි ගෙවයි. එහිදී ඇයගේ අසරණභාවය
තුළින් සිය බලාපොරොත්තු බිදී විසිරී යාම හදුනා ගත හැකිය. නගරයෙන් ආ ආගන්තුකයෙකු වූ වික්ටර්ගේ ග්‍රහණයට
හසුවන ඇය අවසානයේ දී දරුවෙකු සමග තනි වෙයි, ආගන්තුකයාට දාව උපන් දරුවා සමග ජීවිතය විදවන
ඇය පවසන්නේ හදුනාගත්තොත් ඔබ මා යනුවෙනි, අවසානයේ දී ඇය කදුළු සලන්නේ සමාජ ක්රමයේ
ගැහැණියට ඇති ස්ථානයේ ස්වරූපය චිත්තරූප මවමින්ය. ඉර හැංගෙන එක මොහොතක ඇය මුහුණපාන ගැටලූව පද
රචකයා විසින් ගෙනහැර පායි.
Interesting
ReplyDeleteස්තුතියි ❤️
ReplyDeleteස්තුතියි ❤️
ReplyDeleteඉතාම වටිනා වැඩක්
ReplyDeleteසුරේෂ් මාලියැද්ද උදුම්බරා ප්‍රති නිර්මාණය කරලා. ඒක යූ ටියුබ් එකේ තියෙනවා. කමෙන්ට් කියවා ගෙන යද්දී ගීතයේ විචාරයක් ඉල්ලලා කමෙන්ට් එකක් තියෙනවා දැකලා සර්ච් කරලා බැලුවා. එවිටයි මේ බ්ලොග් අඩවිය හමුවුණේ.
ReplyDeleteඋදුම්බරා ගැන වැඩි විස්තර හොයන අයට හොඳ තැනක්. මමත් ඒ අතර. දැන් ඉතින් මට පුළුවන් ඒ විස්තර හොයපු කෙනාට මේ ලින්ක් එක දාන්න.
ස්තුතියි ඔබට.