21වන ශත වර්ශයේ ජන ජීවිතය ශී්රඝයෙන් සිදුවන තාක්ෂණික දියුණුවත් සමග ප්‍රවර්ධනය වෙයි. මෙහි ප්‍රථිපලයක් ලෙස සන්නිවේදන සබදතා අතිශය සමීප වී තිබේ. නව සබදතා ඇති වීම හා වර්ධනය ප්‍රබල ලෙස සිදු වෙයි. විශාල පිරිසක් සමග එකවර සබදතා පැවැත්වීමේ හැකියාව සමාජීය ජාල සතු වෙයි. මේ අතර ෆේස්බුක් ප්‍රධාන වෙයි.
සමාජීය ජාල තුළ විශාල වශයෙන් පේ‍්‍රම සම්බන්ධතා නිර්මාණය වන අතර ෆේස්බුක් තුළින් මෙය විග්රහාත්මකව ඉදිරිපත් කළ හැකිය. ෆේස්බුක් යනු 2004 වර්ෂයේ හාවර්ඞ් විශ්ව විද්‍යාල සිසුවෙක් වූ මාක් සකර්බර්ග් (Mark Sukerburge) විසින් නිර්මාණය කරන ලද සමාජීය ජාලයකි.
මෙහිදී තම තොරතුරු හුවමාරු කර ගැනීම (Share) නව මිතුරන් ඇති කර ගැනීම සදහා බහුතරයක් ෆේසුබුක් භාවිත කරන අතර විනෝදය මූලික වූ මාධ්‍ය බවට මෙය පත්ව තිබේ. තවත් අවස්ථාවන්හි දී වෙළද ප්‍රචාරණයන් හා වෙනත් ප්‍රචාරණයන් සදහා මෙය භාවිත කරන අතර එමගින් විශාල ආදායම් උපයන මාර්ගයක් බවට ෆේස්බුක් පත්ව තිබේ.
ෆේස්බුක් තුළින් ගොඩනගන පේ‍්‍රම සබදතාවන් සදහා මෙම තත්ත්වයන් හේතු වෙයි. මෙහිදී තමන්ගේ සබදතාවන්ගේ ස්වරූපය, (Status) තත්ත්වය තුළින් ප්‍රදර්ශනය වීම ෆේස්බුක් වල ස්වරූපයයි. මෙහිදී (In a relationship) යටතේ තමන් පේ‍්‍රම සබදතාවයකට යටත් වී සිටින බවද (Engaged) යටතේ විවාහ ගිවිසගෙන ඇති බවද ප්‍රදර්ශනය කරනු ලබයි. ඇතැමුන් එසේ නොකරති.
2011 හා 2012 වර්ෂවල ෆේස්බුක් වල මෙම ස්වරූපය පිළිබදව ෆේස්බුක් විසින් සිදු කළ සමීක්ෂණය මෙහිදී වැදගත් වෙයි. එයට අනුව එම වර්ෂවල මැයි මාසය හා අගෝස්තු මාසය දක්වා දිනකට පේ‍්‍රම සබදතා පිළිබදව එම තත්ත්වය (Status) වෙනස් කරන ප්‍රතිශතය (In a relationship) යටතේ තමන් පේ‍්‍රම සබදතාවයකට යටත්ව ඇති බවට ඉදිරිපත් කර ඇති තත්ත්වය (Status) ප්‍රමාණය අවම වෙයි.
මෙහිදී පෙබරවාරි 14 හා දෙසැම්බර් 25 නත්තල් දිනවල ෆේස්බුක් තුළ නව පේ‍්‍රම සබදතා ඇති පුද්ගලයන් වර්ධනය වන බව (Profile) පරීක්ෂා කිරීමෙන් සනාථ වී තිබේ. පෙබරවාරි 14 දින (In a relationship) යටතේ සබදතා 49% වාර්තා වී ඇති අතර නත්තල් දින එය 34% ලෙස වාර්තා වී ඇත. (In a relationship) යටතේ විවිධ නම් ෆේස්බුක් තුළ ප්‍රදර්ශනය වීමද සිදු වෙයි. මෙහිදී ඇතැමුන් මසකට වරක් තම පේ‍්‍රම සබදතා අලූත් කර ගනී. විවිධ පෙම්වතුන් හා පෙම්වතියන් විවිධ පෙම්වතුන්ගේ හා පෙම්වතියන්ගේ නම් මේ තුළ වරින් වර ප්‍රදර්ශනය කරයි. මෙය පෞද්ගලිකත්වය පිළිබද ගැටලූවකි. මින් ප්රත්යක්ෂ වන්නේ ෆේස්බුක් හරහා ඇති වන මිත්‍රත්වයන් නව පේ‍්‍රම සබදතා නිර්මාණයට හේතුවන බව හා එම සබදතා දිගුකාලීන නොවන බවත්ය.
යෞවනයන් විවිධ සුන්දර ලෝකයන් නිර්මාණය කර ගැනීමට හෝමනමය වශයෙන් ඔවුන් තුළ ඇතිවන කායික ලක්ෂණයන් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වීමට හේතු වෙයි. මෙය ජීව විද්‍යාත්මක ස්වභාවික සංසිද්ධියකි. විවිධ ලිංගිකයන් මගින් ගොඩනැගෙන ආදරය මගින් ලිංගික කටයුතු වලට පෙළඹෙති. මනා දැනීමක් නොමැති වීම, කුතුහලය, අත්හදා බැලීමෙි ආශාව සහ යහළු මිත්‍රයන්ගේ පෙළඹවීම මෙයට හේතු වෙයි. මෙහිදී වවිධ අපචාර වලට ගැටවරයෝ යොමුවන අතර සමබර ශික්ෂණයක් නොමැති යෞවනයෝ විවිධ මානසික කම්පන වලට ලක් වෙයි.
විශාල වශයෙන් තමන් වෙතට අවධානය ලබා ගැනීම තරුණ අපේක්ෂාවකි. සහචරයන් සමග විවෘත අදහස් ප්‍රකාශ කිරීම මෙම වයසේ ස්වභාවයකි. ෆේස්බුක් තුළින් මෙම අවශතා ඉටු කර ගැනීම සදහා විවෘත තෝතැන්නක් වෙමින් අවකාශ සලසා දෙයි. විශාල වශයෙන් සමීප කතා (Chat) කිරීමට අවකාශ ලැබෙන නිසාත් අසීමිත නිදහස හා රහස්‍යභාවයෙන් යුතුව සබදතා නිසිලෙස පවත්වා ගැනීමට හේතු වෙයි. මෙය ගැටලූකාරී තත්ත්වයකි.
සමාජීය මාධ්‍ය තුළ පුද්ගල අවධානය ප්‍රධාන වෙයි. එහිදී සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතුරින් වැඩි ප්‍රතිශතයක් තරුණ ජනගහනය වන බැවින් පේ‍්‍රමය මූලික වූ අවධානයක් හදුනාගත හැකිය. බොහෝ පිරිසක් සමාජීය මාධ්‍යට ඇබ්බැහි වී සිටින්නේ හුදකලා වීමට දක්වන බිය නිසාය. හුදකලා බවින් මිදීමට බොහෝ සබදතා භාවිත වෙයි. සාමාන්‍ය ජීවිතය තුළ පවතින සබදතාවන්ට වඩා ඉහළ මට්ටමින් පුද්ගලයන් සමාජීය ජාල තුළ නිර්මාණය වන සබදතාවලට යොමු වෙයි. මසකට සමාජීය ජාල තුළින් නිර්මාණය වන පේ‍්‍රම සබදතා ප්‍රමාණය ඉහළ අගයක් ගනු ලබයි.
මේ තුළින් සාමාන්‍ය ජන ජීවිතය තුළ පවතින පේ‍්‍රම සබදතා වලට ප්‍රබල බලපෑමක් වන බව මෙහිදී සිතිය හැක. පෞද්ගලිකත්වය හේතු කොට ගෙන ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් මත විවිධ පේ‍්‍රම සම්බන්ධතා බිද වැටීම සිදු වෙයි. තවද විනෝදය පදනම් කරගනිමින් පේ‍්‍රම සම්බන්ධතා නිර්මාණය වීමත් එම සබදතා රිසි ලෙස නවතා දැමීමත් හදුනා ගත හැකිය. ෆේස්බුක් භාවිතයේ දී යහළුවන් සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට යොමු වෙයි. එයින් බලපෑම්කාරී තත්ත්වයක් ඇති වෙයි. එය ෆේස්බුක් මිතුරු මිතුරියන්ගෙන් සිදුවන බලපෑම් අවම වීමට නම් සීමාවකට යටත් කිරීම ඵලදායී වෙයි.
නන්නාදුනන පුද්ගලයන් සමග ෆේස්බුක් හරහා ඇතිවන මෙම සබදතා කෙටි කාලයක් තුළ බිද වැටේ. තවත් සමහර සබදතා ප්‍රබල සබදතාවන් ලෙස පවත්වා ගනී. එහිදී ෆේස්බුක් භාවිත කරන්නන්ගෙන් පණිවුඩ යැවීමෙන්, දෘශ්‍ය මාධ්‍ය ඇමතුම් (Video call) හා වෙනත් ක්‍රම මගින් සබදතා පවත්වයි. ඉන් ප්‍රධාන වී ඇත්තේ ෆේස්බුක් කතා බහයි (Chat). ෆේස්බුක් හි නව සබදතා වර්ධනය සදහා Chat තුළින් වන බලපෑම ප්‍රබල වෙයි.
පුද්ගල අභිමුඛයේ කතා කළ නොහැකි දේවල් Chat හරහා හුවමාරු කර ගත හැකි වෙයි. අධික ලෙස මුදල් වියදම් නොවීම, පහසුවෙන් ඕනෑම අයෙක් සමග සබදතා පැවැත්වීම, අනවශ්‍ය බිය, ලැජ්ජාව අවම වීම, විවෘතව හා සමීපව තොරතුරු ඉදිරිපත් කිරීමට මින් අවස්තාව සැලසෙන නිසා Chat ජනප්‍රිය වී ඇත.
ෆේස්බුක් තුළ පවතින සියලූ Profile සත්‍ය පුද්ගලයන් නොවේ. විවිධ ප්‍රචාරණ, දේශපාලන කටයුතු සදහා, චරිතවල පෞද්ගලික මෙන්ම විවිධ සැකමුසු තැන් දැනගැනීම සදහා ද භාවිත කරයි. තම පෙම්වතා, පෙම්වතියගේ රහස්‍ය සබදතා පවතින්නේද යන්න මේවා තුළින් සොයා බලයි. මේවා තුළින් පේ‍්‍රම සබදතා වලට බලපෑම් කරනු ලබයි.
පේ‍්‍රම සබදතා වලදී මෙය ප්‍රධාන මාධ්‍ය වී තිබේ. වර්තමානය වන විට මෙහි ස්වභාවය සංවර්ධනය වී තිබේ. ෆේස්බුක් සබදතා දැඩි ලෙස විශ්වාස කිරීම අනතුරුදායක ගැටලූ රාශියකට මග විවර කරනු ඇත. නිදහස භාවිත කිරීම මුළුමනින්ම වගකීම පදනම් කර ගනිමින් සිදු විය යුතුය.
Superb
ReplyDelete👌👌👌
ReplyDeleteNice writting
ReplyDelete👍
ReplyDelete