ජනමතය අද ඊයේ ලෝකයට පහළ වූවක් නොව, අතීතයේ සිටම පැවතුන දෙයකි. යම්කිසි කරුණක් සිද්ධියක් සිදුවීමක් පිළිබදව බහුතර පිරිසක් දරන්නා වූ මතය ජනමතය ලෙස හැදින්වේ. වර්තමානයේ දී මෙය වැදගත් මාතෘකාවක් බවට පත් වී ඇත. ජනමතයේ වැදගත්කම රාජාණ්ඩු යුගයේ සිටි රජවරු පවා දැන සිටි අතර රටේ පාලනයේ දී ජනමතයේ අවශ්‍යතාවය මනා ලෙස තේරුම්ගත් ඔවුන් තමන්ගේ පාලනය පිළිබද ජනතාවගේ අදහස් උදහස් සොයා වෙස් වලාගෙන ගම්නියම්ගම් වල සැරිසරා ඇත. පසුකාලීනව දේශපාලන විද්‍යාවේ දී මේ පිළිබදව කතා කළ ද 1922 රචනා වූ වෝල්ටර් ලිප්මන්ගේ මහජන මතය The Public Opinion නම් කෘතිය සමග මෙය විෂයක් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත විය.
සමාජය සංකීර්ණය. මොහොතින් මොහොත අදහස් වෙනස් කර ගනී. නැවත අදහස් වැළද ගනී. නැවත අදහස් ප‍්‍රතික්ෂේප කරයි. මෙවැනි අවස්ථාවක ජනතාව දරන මතය ජනමතයයි.
වෝල්ටර් ලිප්මන් The Public Opinion
ජනමතය තුළ ප‍්‍රධාන ලක්ෂණ 2ක් හදුනා ගත හැකිය.
- ජනමත නායකයන්
- ජනමත ග‍්‍රාහකයන්
ජනමත නායකයන් යනු ජනමතය දරන්නා වූ පිරිසයි. මෙම නායකත්වය තුළ ජනමතය සැකසීම, ජනමතය පැතිරවීමට උත්සාහ දැරීම, ජනමතය වෙනුවෙන් පෙනී සිටීම සහ ජනමතය ජනතාව තුළ ඇති කිරීමට උත්සාහ කිරීම හදුනාගත හැකිය. ජනමත ග‍්‍රාහකයා යනු ජනමත නායකයින් විසින් ලබාදෙන ජනමතය පිළිගන්නා කොටසයි. මෙම ජනමත නායකත්වය ප‍්‍රධාන කොටස් 5ක් යටතේ හදුනා ගත හැකිය.
- පුද්ගල මූලික ජනමත නායකයින්
- ආයතන මූලික ජනමත නායකයින්
- සංගම් මූලික ජනමත නායකයින්
- කණ්ඩායම් මූලික ජනමත නායකයින්
- රාජ්‍ය මූලික ජනමත නායකයින්
මාධ්‍ය මගින් ජනමත නායකයින්ගේ අදහස් ග‍්‍රාහකයන් වෙත ගෙන යාමත්, ග‍්‍රාහකයන්ගේ අදහස් ජනමත නායකයන්ට දැන්වීම වශයෙන් දෙපසටම සම්බන්ධ වෙයි. ජනමතය හා මාධ්‍ය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. ජනමතය හා මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය යන්න හදුනා ගැනීමේ දී සමාජය විසින් ප‍්‍රධාන නිගමන කිහිපයකට එලඹී තිබේ.
- ජනමාධ්‍යයේ ක‍්‍රියාකාරීත්වය නිසා සැබෑ ජනමතය යටපත් වේ.
- වර්තමාන ජනමතය ක‍්‍රියාත්මක වන්නේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට නොව මාධ්‍යයේ අදහස් උදහස්, බලාපොරොත්තු අරමුණූ ඉටු කිරීම වෙනුවෙනි.
- මාධ්‍යයෙන් තොරව ජනමතයක් පැවතීම අපහසු වන අතර එසේ පවතින ජනමතයක් වුවද මාධ්‍යයේ ක‍්‍රියාකාරීත්වය නිසා යටපත් වේ.
- මාධ්‍යයේ කි‍්‍රයාකාරීත්වය නිසා ජනමතයේ වෙනස් වීමක් සිදු වීම.
ජනමතය හා මාධ්‍යයේ කි‍්‍රයාකාරීත්වය දෙස බැලීමේ දී ඒ ඒ මාධ්‍යයන්ට සාපේක්ෂව ජනමතයට සිදුු කළ හැකි බලපෑම වෙනස් වෙයි. දේශපාලන ක‍්‍රියාකාරීත්වය තුළ පවතින ජනමතය වඩාත් ප‍්‍රබලව ඉස්මතු කළ හැක්කේ රූපවාහිනී මාධ්‍යයෙන්ය. වර්තමානයේ දැකිය හැකි දේශපාලන සංවාද, දේශපාලන වාර්ථා වැඩසටහන් මගින් ප‍්‍රබල බලපෑමක් සිදු කරයි. තුලාව, රතු ඉර,BBC සේවයේ හාඞ් ටෝක් සහ ඇමරිකානු 60 Minutes ආදී වැඩසටහන් නිදසුන් වේ.
ජනමතය හා මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය හදුනා ගැනීමේ දී ග‍්‍රාහකයාගේ ස්වරූපය වටහා ගැනීම අවශ්‍ය වේ. එහිදී ජනමතයේ ඉලක්ක කණ්ඩායම් වැඩි වශයෙන් භාවිත කරන්නේ කුමන මාධ්‍ය ද යන්න වැදගත් වේ. ගොවි පිරිසකට යම් ජනමතයක් ග‍්‍රාහකගත කරනවා නම් ගුවන්විදුලි මාධ්‍ය යොදාගත හැක.
නූතන ජනමාධ්‍යයේ ක‍්‍රියාකාරීත්වය හදුනා ගැනීමේ දී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ක‍්‍රියාකරන්නේ, තමන්ගේ පුද්ගලික අරමුණු, දේශපාලන අරමුණු හෝ ලාභය පදනම් කොට ගෙන සහ ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය වෙනත් පුද්ගලයන්ගේ හෝ ආයතනවල බලපෑමට හසුවීම දක්නට ලැබේ. සමාජයේ තොරතුරු
වලට වැඩි වටිනාකමක් හිමිවේ. මානව සමාජය නව මඟකට යොමු කිරීමත් සමාජය එකිනෙකා
සම්බන්ධ කිරීමටත් තොරතුරු වලට හැකියාව ඇත. තොරතුරු වලින් ජනමත ගොඩනැගීමෙහිලා
ජනමාධ්‍ය කාර්යය පුළුල් වන්නේය. ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු කලාප වල සමාජ මතවාද රොයිටර්ස් වැනි පුවත් ඒජන්සි ඔස්සේ අවට ලෝකයට මුදාහරී. එම ආයතන ලොවපුරා රටවල් 100ක පමණ ප්‍රවෘත්ති බෙදාහරින කටයුතුවල නිරත වෙයි. එම ආයතන මගින් තොරතුරු ලබා
ගන්නා අන්තර්ජාතික මාධ්‍ය ආයතන කිහිපයක් ඇත. මේවා මගින් රට පිළිබඳ ඒවායේ දේශපාලනය ජාත්‍යන්තර ජනමතයක් ගොඩ නැගීම සිදු කරයි. එය සත්‍ය
නොවේ, සකස් වූ ජනමත
ලෙස ඒවා හඳුනාගත හැකිය. ප්‍රජාතාන්ත්‍රික ජන සමාජයක ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය වැනි
බලය හා සම්බන්ධ ආයතන මගින් වැරදි තීන්දු ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන විට ජනතාවට
බලපාන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම මාධ්‍යයකින් සිදුකළ හැකිය. මෙවැනි අවස්ථාවක
වැරදි නිවැරදි කිරීමට ජනතාවගේ බලධාරීන් දැනුවත් කිරීමේ සමාජමය බලයක් මාධ්‍ය සතු
වෙයි.
බීබීසී, චැනල් ෆෝ නාලිකා මානව අයිතිවාසිකම් ලෙස හුවා දක්වමින් රටේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගසන අයුරු පසුගිය සමයේ ලංකාවේ වාර්ගික
අර්බුදය හමුවේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් වඩාත් පැහැදිලි වේ.වර්තමානය ආර්ථික රටාව
හමුවේ මාධ්‍යයටත් ව්‍යාපාර වල යෙදෙන්නට සිදුවී ඇත. ලිබරල් වාදය ආර්ථිකය තුළ
විශාල වශයෙන් සමාජයේ සෙසු
ක්ෂේත්‍ර සමඟ ව්‍යාප්ත වූ ලාභ ලබන ව්‍යාපාරයක්
බවට පත්ව ඇත. විවෘත ආර්ථිකය වඩාත් ලාබදායී නිසා අද අන්තර්ජාතික මාධ්‍ය
නවලිබරල්වාදී ආර්ථික රටාව ලොවපුරා ව්‍යාප්ත කර ඇත. පවතින ආර්ථික ක්‍රමයට අභියෝග
කරන ප්‍රවෘත්ති සියල්ලක්ම සාහසික ලෙස යටපත් කර ඇත.
දෙවන ලෝක යුද්ධ
සමය තුළ ජර්මනිය බර්ලින් තාප්පය කඩා දැමීමෙන් පසු දැමීමෙන් පසු එය
කොමියුනිස්ට්වාදයේ අවසාන ලෙස පෙන්වා දෙමින් අන්තර්ජාතික මාධ්‍ය මගින් විශාල වශයෙන්
ප්‍රචාරණයක් ලබා දෙන ලදී. බර්ලින් තාප්පය බිඳ වැටීම මෙන්ම 1917 පසු රුසියාව ජනමතය සැකසීම උදෙසා මාධ්‍ය භාවිතා කළ අයුරු ද අධ්‍යයනය කිරීම
තුළින් වෙනස් ජනමතය සැකසීමට මාධ්‍ය ප්‍රබලව
භාවිත කළ හැකි ආකාරය මෙහිදි හදුනා ගත හැකිය. ජනාධිපතිවරණයෙන් වසර ගණනාවකට පසුව
සමාජවාදී අපේක්ෂකයෙක් පත්වීමත් අන්තර්ජාතික මාධ්‍ය මේ කිසිදු ප්‍රවෘත්තියකට
ඉඩක් වෙන් කළේ නැත.
ගෝලීය ආර්ථික
ක්‍රමයේ වෙනsසියුලාවට බලපෑමක්
වුණත් එරට බැංකු පද්ධතිය ජනසතු කරන බවට හියුගෝ චාවේස් ප්‍රකාශ කළේය. මෙය ඉතාම
වැදගත් ප්‍රවෘත්තියක් වුණත් රොයිටර් පුවත් සේවය එය විසුරුවා හැරියේ නැත. චීනයෙන්
ඇමරිකාවට එල්ල වූ බරපතළ චෝදනාවකදී ප්‍රවෘත්ති වලට වැඩි ඉඩකඩක් අන්තර්ජාතික මාධ්‍යයෙන් ලබා නොදුනි. මේ නිසා බටහිර මාධ්‍යයේ පවතින ධනේශ්වර ආර්ථික ක්‍රමයකට
ජනතාව දක්වන උනන්දුව පිළිබඳව කිසිවිටෙකත් තැකීමක් නොකරන බව පැහැදිලි වේ.
බටහිර මාධ්‍ය
ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල සතුරු පාර්ශව සමඟ සන්ධානගත වීමෙන් අන්තර්ජාතික
මාධ්‍ය ජනතාවට තොරතුරු සැපයීමේ කාර්යය පමණක් සිදු නොකර පැහැදිලිවම ආයුධ කර්මාන්තය, න්‍යෂ්ටික කර්මාන්තය හා කොටස් වෙළෙඳපොළ සමග සම්බන්ධව කටයුතු කරන බව පෙනී
යයි.
පුද්ගල හඬ
පෞරුෂය ප්‍රබල ජනමත සාධකයකි. මාධ්‍ය පුද්ගල ප්‍රතිරූපය ගොඩ නැංවීම උදෙසා කැපවී
සිටී. ප්‍රතිපත්ති ගොඩනැංවීම උදෙසා කැපවී සිටී හිට්ලර් ගේ අදහස උදෙසා ජනමතයක්
නිර්මාණය කරගන්නේ චතුර ලෙස පැවැත්වූ ජනතා ඇමතීමයි. ලංකාවේ දේශපාලනය තුළ පුද්ගල ප්‍රතිරූපයට
අමතරව විවිධ සිද්ධි හා අවස්ථා සඳහා ජනමතය නිර්මාණය කළ ආකාරය හඳුනාගත හැකිය නිදසුන්
ලෙස, බෝවත්තේ ඉන්ද්‍රරතන
හිමියන් සියදිවි නසාගැනීම හා රතුපස්වල සිද්ධිය, කිරිපිටි ප්‍රශ්නය පෙන්වා දිය හැකිය මෙවැනි සිදුවීම් වටා ජනමතයක් නිර්මාණයට
හේතු වී තිබෙන සමාජ ජාල වෙබ් අඩවිවල පළවන වාර්තා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම්
ආධාරයෙන් මෙහි බලපෑමක් ඇති කිරීමට සමත් වෙයි. ව්‍යාජ ජනමත සැකසීම ලංකාවේ ප්‍රසිද්ධ
තත්වයකි. වර්තමානයේ ජනමත සැකසීම ප්‍රධානතම මෙවලම වන්නේ රූපවාහිනිය වී තිබේ. ව්‍යාපාරික
අරමුණු වෙනුවෙන් මෙම මාධ්‍ය ව්‍යාජ
ජනමත සැකසීම සිදු කරමින් සිටී. නිදසුන් ලෙස ගතහොත්, හිරු ගුවන්විදුලි නාලිකාව මුදල් ලබා දෙමින් ජනමත ඇති බව හුවා දැක්වීමට
උත්සාහ කිරීම ඔවුන්ගේ මූලික අරමුණ rating ඉහළට ගෙන ඒමයි. රටක මහ ජනතාවගෙන් බහුතරය දරන අදහස දේශපාලනයේ ජනමතය සේ
සලකයි. වෙළෙඳ ප්‍රජාව මෙහිදී සිදුවන්නේ තම භාණ්ඩ සමාජගත කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා
කරයි. මෙහිදී සිදුවන්නේ ජන මතයක් නිර්මාණය වීමයි. මේ කුමන අයුරින් හඳුනාගත්තද
ජනමාධ්‍ය හා ජනමතය සැකසීම අතර ඇත්තේ සෘජු සම්බන්ධතාවයකි. වෙළෙඳ ප්‍රජාව
දේශපාලනඥයින් පාලකයින් ජනමත සැකසීම සඳහා ප්‍රබලම මාධ්‍ය යොදා ගනී. නමුත් එය සත්‍ය
ජනමතය නොවන බව අවසාන වශයෙන් හඳුනාගත හැකිය.